Pages

Monday, November 26, 2012

පිරිමින්ගේ මදසරු බව වැඩිවෙලා




මදසරු බවට ගොදුරු වන පිරිමින්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව මද සරු බව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මිල්හාන් පාශා සඳහන් කර සිටි.
මද සරුබවට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන පිරිමින්ගෙන් සියයට 50 ක ගේම එම තත්ත්වයට හේතුව වී ඇත්තේ පරිසර දූෂණය, බව හෙළිව ඇත.
පරිසරයේ පවතින වාහන දුම්, කර්මාන්ත-ශාලාවලින් පිටවන දුම් හා විවිධ වර්ණක කෘෂි රසායනික ද්‍රව්‍යවල අන්තර්ගත ආසනික් හා කැඩ්මියම් වැනි විස රසායනික ශරීරගත වී මිනිස් ශුක්‍රාණුවලට හානි කිරීමක් කරන බව විශේෂඥවරයා සඳහන් කළේය.මෙවැනි තත්ත්වයක් දිගින් දිගටම පැවතුණහොත් ශ්‍රී ලංකාව තුළ ජනගහන වර්ධනයේ බරපතළ ගැටලුවක් මතුවීමට ඉඩ තිබෙන බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සැලසුම් ඒකකය අනතුරු හඟවා සිටී.

- ශ්‍රීයානි විජේසිංහ



Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=4471:2012-11-24-17-58-25&catid=34:news&Itemid=62