Pages

Wednesday, January 2, 2013

සූරියප්පෙරුමගේ බොරු අතේ මාට්ටු


ලංකාවේ උපදින දරුවන් අඟල් එකකින් උස යාමටත් රාත්තල් 25 කින් බර වදිවිමටත් පටන් ගෙන ඇති බවත් අලුත්ම සමීක්ෂණ වාර්තාවකින් හෙළිවී ඇති බව පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්ත්‍රී ජේ.ආර්.පී. සුරියප්පෙරුම සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගියදා අප වාර්තා කළා.

නමුත් එම ප්‍රකාශය පදනම් විරහිත එකක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටි. සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය එවැනි කිසිදු සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවත් මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය ඔහු විසින් ගොඩ නගා ගත්තක් විය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ ඒකකය සඳහන් කර සිටි. 

මේ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ වාර්තා අනුව මන්දපෝෂණයෙන් පෙලන දරුවන්ගේ සංඛ්‍යාව ඉහල යාම ගැන කතා නොකොට දේශපාලන අරමුණු උදෙසා රටේ ජනතාව නොමග යැවීමට ජේ. ආර්. පී සුරියප්පෙරුම කටයුතු කර ඇති බව පැහැදිලිය 


සුරියප්පෙරුම මහතා එම ප්‍රකාශය සිදුකොට තිබුනේ මෙසේය.

"දැනටම ආණ්ඩුවට ඇවිල්ලා තියනවා වාර්තාවක්, ලංකාවේ ළමයි අඟල් 2කින් උස ගිහින්, රාත්තල් 25කින් බර වැඩිවෙලා."

එහි වීඩියෝව බලන්න පහතින්  






Source - http://www.gossip9.com/2013/01/blog-post_1.html