Pages

Monday, January 28, 2013

බුදුන් වහන්සේ මහියංගනයට වැඩමකළේ චූලෝදර මහෝදර ආරවුල විසඳීමටයි- නිමල් සිරිපාල

දුරුතු පෝය දින බුදුරජානන් වහන්සේ මහියංගනයට වැඩම කළේ චූලෝදර මහෝදර මැණික් පුටුවේ ආරවුල විසඳීමට බව නිමල් සිරිපාල අමාත්‍යවරයා පෙරේදා පවසා තිබුණා.

ඒ මහියංගන විහාරස්ථාන පුදබිමේ පිහිටි විල්ලුවපිටිය වැවේ මංගල දියවර නිකුත්කිරීමේ උත්සවයේදී ජනතාව අමතමිනි.

පෝයදා කළ එම එම ප්‍රකාශයත් සමඟ එතැන සිටි කුඩා ළමයින් පවා ඇමතිවරයාගේ දැනුම ගැන විශ්මයට පත්වී තිබෙනවා.



"මහියංගන පුදබිමට අද සුවිශේෂී දවසක්. බුදුරජානන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ චූලෝදර මහෝදර ගෝත්‍රිකයන්ගේ යුද්ධය නැවැත්වීම සඳහා මේ පුදබිමට වැඩම කළ බව ඉතිහාස වංශකතාවේ දැක්වෙනවා"

එම වීඩියෝව පහතින්.




රජයේ මැති ඇමතිවරුන් විසින් පසුගිය කාලයේ කතා පවත්වන්නට ගොස් කුඩා ළමයින් දන්නා කරුණු වත් නොදන්නා බව ඔප්පු කර තිබුණා.




Source - http://www.gossip9.com/2013/01/blog-post_4061.html