Pages

Saturday, January 12, 2013

ෂෙරිල් හා රුවන්ගේ පෙම ඇරඹුන හැටි (Sheryl Romen & Ruwan Love Story)


පසුගිය දා ජනප්‍රිය ටෙලි නිළියක වන ෂෙරිල් රොමේන් ඩෙකර් හා ජනප්‍රිය ගායකයෙකු වන රුවන් හෙට්ටිආරච්චි හදිසියේ විවාහ ගිවිසගැනීම සිදුකලේ සැවොම පුදුමයට පත්කරමිනි. 

ෂෙරිල් ගේ නම හා මිට පෙර කලා ලෝකයේ කිහිප දෙනෙකුගේ නම් සම්බන්ධව කතා ගොඩනැගී තිබුනත් ඒ සියල්ල යටපත් කරමින් පසුගියදා සිදුවූ විවාහ ගිවිසගැනීම දක්වා වූ පෙම් කතාව රුවන් විසින් මාධ්‍යයට හෙලිදරව්කොට තිබෙනවා.


ඒ අනුව රුවන් විසින් ෂෙරිල් පිලිබඳ සිතක් පහලව ඇත්තේ "සීත මාරුතේ" ගීතයේ රුප රචනාව ෂෙරිල් සමගින් රුගතකරන අතරතුරේදීය. ඒ අනුව දුරකතනය ඔස්සේ දොඩමලු වූ ඔවුන් දෙදෙනා කලක් යනතෙක් අදහස් හුවමාරුකොටගෙන ඇත.

ඉන් අනතුරුව රුවන් විසින් පළමුව යෝජනාව ඉදිරිපත්කල විට ෂෙරිල් පවසා ඇත්තේ "අම්මගෙන් අහන්නයනුවෙනි. ඒ අනුව රුවන් විසින් ශේරිල්ගේ මවගෙන් අවසරය ගැනීමෙන් අනතුරව මෙම විවාහයට අවසර ලැබී ඇත. 


රුවන්ගේ මැ වදන් වලින් පවසන පරිදි "ඩබල් ගේම් කාරියක්" නොවන ෂෙරිල් ගේ විවාහය මේ වසරේ මැද බාගයේදී සිදුවීමට නියමිතය.



Source - http://www.gossip9.com/2013/01/blog-post_11.html