Pages

Friday, December 30, 2011

AL සිසුන් දෙදෙනෙක් දිවි නසාගැනීමට තැත් කරයි


උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව සරසවි වරම් ලැබීමට නොහැකිවීම හේතුවෙන් සිසුන් දෙදෙනෙකු දිවි නසා ගැනීමට තැත්කොට ඇති බව වාර්තා වේ.

මින් එක ශිෂ්‍යාවක් පැනඩෝල් පෙති විශාල සංඛ්‍යාවක් පානයකොට ඇති අතර ඇයව අසාධ්‍යය තත්වයෙන් නිට්ටඹුව රෝහලට ඇතුළත්කොට ඇත.



අනෙක් සිසුවා තමාගේ බලාපොරොත්තු කඩවීම හේතුවෙන් කඹයක ආධාරයෙන් එල්ලී සිය දිවි හානිකරගැනීමට උත්සාහ කර ඇත.ඔහුව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇත.

විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 239624 අතරින් 23,233 ක්‌ විෂයයන් තුනම අසමත්ව ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 142000 කි. ප්‍රතිශතයක්‌ ලෙස එය සියයට 60 කි.




Source: http://www.gossip9.com/2011/12/blog-post_30.html#ixzz1i1Rn8KQw