Pages

Friday, December 16, 2011

පාලම් කොන්ත්‍රාත්තුව ගුවන් පාලම් හැදූ සමාගමටම



පවුම් මිලියන 45 ක බ්‍රිතාන්‍යය ණය ආධාර මත දිවයින පුරා ඉදිකිරීමට යන පාලම් 141 ක කොන්ත්‍රාත්තුව මෙරට ගුවන් පාලම් හැදූ බ්‍රිතාන්‍යය සමාගමටම ලබාදීමට රජය තීන්දු කරයි.


මේ අනුව, ලංකාව පුරා මංතීරු දෙකකින් හා තනි මංතීරුවකින් යුක්ත යකඩ පාලම් 141 ක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව එක්සත් රාජධානියේ මාබී බ්‍රිජ් ලිමිටඩ් වෙත පිරිනැමීමට රජය සූදානම් වේ.
මෙම සමාගම 2002 වසරේ සිට මෙරට ක්‍රියාකාරීව සිටින අතර 2008 වසරෙන් පසුව එම සමාගම වෙත පවරනු ලැබූ ගුවන් පාලම් 05 ක් හා අනිකුත් පාලම් 136 ක වැඩ කටයුතු ලබන මාසය වනවිට අවසන් කිරීමට නියමිත බව රජය සඳහන් කරයි.



මේ වනවිට, මෙරට පාලම් 160 ක් පමණ නැවත ඉදිකළ යුතුයැයි හඳුනාගෙන තිබෙන බව රජය කියයි.




Source : vimasuma.com