Pages

Thursday, December 29, 2011

උසස් පෙළ ප්‍රතිථල අවුල පිටුපස පෞද්ගලික විශ්වවිද්‍යාල කුමන්ත්‍රණකරුවන් – ජානිපෙ


මේ උසස් පෙළ ප‍්‍රතිඵල අවුල ඇති කළේ ජාතියට ‘‘ගේම් එකක්’’ දීමටයි. මේ රටේ විභාග දෙපාර්තමේන්තුව කෙරෙහි ජනතාව තුළ අචල විශ්වාසයක් තිබුණා. ඒ දෙස ජනතාව බැලූවේ ‘‘රන් දෙවොලක්’’ දෙස බලන ආකාරයටයි. අද මේ ප‍්‍රතිඵල අවුලත් සමග ඒ රන් දෙවොලට තිබූ පූජනීයත්වය විනාශ වී තිබෙන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
ජාතික නිදහස් පෙරමුණේ බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදි පැවැත්වූ මාධ්‍ය හමුවකදී පියසිරි විජේනායක මහතා මේ බව පෙන්වා දුන්නේය. එහිදි තවදුරටත් අදහස් දැක්වූ විජේනායක මහතා මෙසේද පැවසීය.



අ.පො.ස(උ.පෙ) විභාගය ගැන විශ්වාසය නැති වුණාම මොකක්ද විකල්පය? ලන්ඩන්(උ.පෙ.) රාජ්‍ය විශ්ව විද්‍යාල ගැන විශ්වාසය නැති වුණාම මොකක්ද විකල්පය? පෞද්ගලික විශ්ව විද්‍යාල. මේ අවුල හදපු කුමන්ත‍්‍රණකරුවන් බලාපොරොත්තු වන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපන පද්ධතිය කෙරෙහි විශ්වාසය තබා සිටින ජනතාවගේ එකී විශ්වාසය බිඳ දමන්නයි. මේ පිටුපස සිටින්නේ අධ්‍යාපන පෞද්ගලීකරණය වෙනුවෙන් පෙනී සිටින පිරිසක්. ඔවුන් හදන්නේ පෞද්ගලික පාසල් වෙත, පෞද්ගලික විශ්ව විද්‍යාල වෙත මේ රටේ ජනතාව තල්ලූ කර දමන්නයි. මේ රටේ ජාතික අධ්‍යාපන පද්ධතිය කෙරෙහි තිබෙන විශ්වාසය බිඳ වැට්ටවීමෙන් තොරව ඒ දෙය සිදු කරන්න බැහැ. ඒ හින්දයි මෙවැනි නින්දිත සිදු වීම් අපට අද දැක ගැනීමට සිදු වන්නේ.
ජාතික නිදහස් පෙරමුණ ලෙස අප අවධාරණය කරනවා මේ රටේ බහුතර ජනතාවට පාර පෙන්වන ‘‘පහන් තාරකාවක්’’ වන නිදහස් අධ්‍යාපන ක‍්‍රමයට කවර ලෙසකින්වත් හානියක් සිදු කිරිමට ඉඩ නොදෙන බවට. ඒ වෙනුවෙන් අපි දිවිහිමියෙන් කටයුතු කරනවා.’’

Source : readsrilanka.com