Pages

Thursday, December 29, 2011

අහිංසක ළමයින්ගේ ප්‍රතිථල විකෘති කරලා – සරත් ෆොන්සේකා


“අහිංසක ළමයින්ගේ විභාග ප්‍රතිඵල විකෘති කරලා මේ ආණ්ඩුව නිකුත් කරනවා“ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා ඊයේ(28) ‍කොළඹ පෞද්ගලික ‍රෝහලකට රැගෙන ආ අවස්ථාවේදී මේ දිනවල දැඩි කතාබහට ලක්වන උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමිනි.
එම අවස්ථාවේදී ඒ මහතා දැක්වූ සම්පුර්ණ අදහස මෙසේය.
“අහිංසක ළමයින්ගේ විභාග ප්‍රතිඵල විකෘති කරලා මේ ආණ්ඩුව නිකුත් කරනවා. ඒක තමයි රටේ ජනතාවට කරන සාධාරණය මේක හරියට කරන්න බැරි නම් සංවර්ධනයක් ගැන කතා කරන එක පිස්සුවක් සංවර්ධනය ගැන කතා කරනවා. කතාව දෝලාවෙන් ගමන පයින්”