Pages

Monday, December 26, 2011

අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වේ


examresult
පසුගිය අප්‍රේල් මාසයේ දී පැවති අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ලබාදුන් උපදෙස් අනුව විභාග දෙපාර්තමේන්තුව මඟින් අද (25) නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ, නීතිපතිවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහත්වරුන් සමඟ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විශේෂ සාකච්ජාවක් පවත්වා ඇත.

විභාග ප‍්‍රතිඵල කොළඹ සහ ජයවර්ධනපුර කලාපවල විදුහල්පතිවරුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකි ය.

පැරණි විෂය නිර්දේශය හා නව නිර්දේශයට අදාළ ප්‍රතිඵල අද දිනය තුළ අන්තර්ජාලයට එක්කරන අතර එම ප්‍රතිඵල http://www.doenets.lk/exam/ වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි බව වාර්තාවේ.





Source : news.lk