Pages

Tuesday, December 27, 2011

වෛද්‍යවරයා ඝාතන සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්


පසුගියදා ඝාතනය කෙරුණු කරන්දෙණිය රෝහලේ දොස්තර ප්‍රසාද් ජයසිංහ මහතාගේ ඝාතනයේ රස පරීක්ෂණ වර්තාව නොලැබීම නිසා බළපිටිය මහේස්ත්‍රාත් එන්.ටී.අයි. අබේගුණසේකර මහත්මිය විසින් ලබන 10 වැනි තෙක් සැකකරුවෝ පස්දෙනා රිමාන්ඩ් කරනු ලැබූහ.
අද දින බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව කැදවනවා වෙනුවට මහේස්ත්‍රාත් නිල කාමරයේදීය. මෙම අවස්ථාවට විශාල ජනකායක් සහභාගී වී සිටි බැවින් මහජන කැළඹීමක් ඇතිවන්නට ඉඩ ඇතැයි සිතා දැඩි පොලිස් රැකවල්ද යොදා තිබූ බව වාර්තා වේ.


මෙම ඝාතනය සම්බන්ධයෙන් කරන්දේණිය බොරකන්දේ රසායනාගාර හිමිකරු චින්තක රුවන් ජයසේන, ඇල්පිටිය කුරුඳුගහ හැතැප්මේ යුද හමුදා කපිතාන් චන්දන වික්‍රමසිංහ, මීටියාගොඩ පදිංචිකරුවන් වන යුද හමුදා කෝප්‍රල්වරුන් වන එස්.ශාන්ත ද සිල්වා, සහ එස් ජයලත් ද සිල්වා, හා මීටියාගොඩ මගවෙල ඩී. විජිත් ආනන්ද ද සොයිසා යන අය සැකකරුවෝ වෙති.