Pages

Thursday, December 29, 2011

අමල්ගේ දුක සැප බැලීමට මර්වින්


අතුරුදහන්වීමට ලක් වී දින ගණනකට පසු නිදහස ලැබීමෙන් අනතුරුව පවුල පිටින් සිංගප්පූරුවට පැන ගිය අමල් රොද්‍රිගූ මහතාගේ දුක සැප සොයා බැලීම සඳහා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඊයේ සිංගප්පූරුවට ගොස් තිබේ.
තමා පැහැරගෙන යෑමට මර්වින් සිල්වා අමාත්‍යවරයා සම්බන්ධ බවට, නිදහස ලැබීමෙන් පසු බේස් කරෝකේ රාත්‍රී සමාජ ශාලාවට පැමිණි අමල් රොද්‍රිගූ මහතා තම හිතමිතුරුන් සමඟ පවසා තිබිණ.

ශ්‍රී ලංකාවේ තේ අපනයනයේ ප්‍රමුඛතම සමාගමක්වන අක්බාර් බ්‍රදර්ස් සමාගමෙන් අමල් රොද්‍රිගූ මහතා විසින් ලබාගෙන තිබූ කප්පම් මුදලින් නියමිත කොටස ලබා නොදීම පිළිබඳව මර්වින් සිල්වා ඇමතිවරයා, අමල් සමඟ ගැටුමක් ඇතිකර ගෙන තිබිණ.

Source : lankanewsweb.com