Pages

Saturday, January 28, 2012

කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරේ: කලූ ජනවාරි විරෝධය තහනම් කර මැර ජනවාරි විරෝධයක්


ශ්‍රී ලංකාවේ සියළුම මාධ්‍ය සංවිධනයන්හි එකමුතුවෙන් කොළඹ කොටුව දුම්රිය පොළක ඉදිරිපිට අද පැවැත්වීමට තිබූ සාමකාමී කලූ ජනවාරි විරෝධතාවය වැළැක්වීමට අධිකරණය හමුවට ගිය පොලීසිය එම ස්ථානයේම ආණ්ඩුවේ මැර බලකායේ මාධ්‍ය විරෝධි උද්ඝෝෂණයකට ඉඩ දී බලා සිටියේ ය.
කිසිදු කලින් දැනුම් දීමක් නොමැතිව මෙම ආණ්ඩුවාදී විරෝධය සංවිධානය කරන ලද්දේ මුද්ල අමාත්‍යාංශයේ මාධ්‍ය සම්බන්ධිකරන ලේකම් ධමිමිකා තම්මැට්ටආරව්චි විසිනි. එනම ්ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකි. 24 දින සියළු ම අමාත්‍යවරුන්ගේ මාධය සම්බ්න්ධිකාරකවරුන්ට දුර කථන ඇමැතුම් දී ඔවුන්ගේ කාර්්‍ය මංඩල සහභාගි කරවන ලෙස දැන්වා ඇත්තේ තම්මිට ආරච්චි විසිනි. ඔවුන්ගේ රැකියා ස්ථීර කර ගැනිමට අවශ්‍ය නම් මෙම අවස්ථාවට සහභාගි වන සේ බල කළ ද පැමිනියේ ඉන් ඉතා සුළු පිරිසකි. අවසානයේ දී පැවැත්වුයේ හුලං ගිය විරෝධයකි.


මෙයට මැර සෙනග ගෙන එන ලද්දේ පදික වෙළදුන්ගේ සංගමයේ සභාපති මහින්ද කහදගමගේ නැමැති පුද්ගලයා විසිනි. මෙම උද්ඝෝෂනය සංවිධානය කිරීමට ලේක්හවුසියේ සභාපති බන්දුල කුමාරද හවුල් වී තිබේ.
මෙම විරෝධයට සහභාගි වී සිටි මැර පිරිස් ජීවිතාරක්ෂාව පිනිස විදේශ ගතව සිටින ජනමාධ්‍යවේදීන් වන සුන්නද දේශප්‍රිය එල්ල කර සටන් පාට කෑ ගැසූ අතර පෝදදල ජයන්තට විරුද්ධව ද සටන් පාඨ ඒ අතර තිබුණි.
මෙම උද්ඝෝෂනයට ආණ්ඩුවාදී ජනමාධ්‍යවේදීන් පිරිසක් ද සහභාගි වී සිටියේ ය.


Source: lankanewsweb.com