Pages

Saturday, January 28, 2012

අත්දැකීම් රහිත ගුවන්නියමුවන් සේවයේ


ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් කටයුතු සඳහා ආරම්භ කර ඇති පෞද්ගලික ගුවන් සමාගමක් අත්දැකීම් රහිත ගුවන් නියමුවන් සේවයේ යොදවාගෙන ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය. පසුගිය දශක ගණනාවක් තිස්සේ මෙරට තිබු යුද්ධය නිමාවනවත් සමග රට තුල අභ‍්‍යය‍න්තර ගුවන් ගමන් සේවාව වඩාත් සිග‍්‍රලෙස ව‍‍ර්ධනය වි තිබෙන අතර මේ සදහා පෞද්ගලික සමාගමි රැුසක් දායක වී ඇත. 



නමුත් මෙම පෞද්ගලික ගුවන් සමාගම්වල ගුනාත්මක බාවය පිලිබදව බරපතල ගැටලූ මතුවී ඇත. දැනට ආරම්ඹ කර ඇති ගුවන් සමාගමක් නවතම ගුවන් යානයක් තම සමාගමට මිල දී ගෙන ඇති අතර ඒ සදහා අද්දැකීම් රහිත ගුවන් නියමුවන් යොදවාගන තිබේ. 

එහි කපිතාන්වරුන් ලෙස බදවාගෙන ඇත්තේ ඒ සදහා අවශ්‍ය ගුවන් බලපත‍්‍ර නොමැති ගුවන් නියමුවන්ය. එහෙත් ඔවුන් පළදින්නේ සියලූ සුදුසුකම් සපිරූ කපිතන්වරුන්ගේ නිල ඇදුම්ය. 

මෙය ගුවන් නියමුවන්ට අදාල ජාත්‍යන්තර නීතියක් කඩකිරීමක් වන අතර මෙය ශ‍්‍රිලංකාවේ ගුවන් සේවවේ  ප‍්‍රමිතිය පහල දැමීමක්ද වේ.

මගීන් ප‍්‍රවාහනය කරන ගුවන් යානා සදහා පළපුරුදු ගුවන් නියමුවන්  යොදවන අතර පලපුරුද්ද අඩු නියමුවන් පළමු නිලධාරීන් ලෙස යොදවනු ලැබී. මෙලෙස නව පළපුරුදු නොමැති ගුවන් නියමුවන් යෙදවීම මගීන් අනතුරට ලක්කිරීමක් බව අප වෙත තොරතුරු ලබාදුන් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.




Source: lankanewsweb.com