Pages

Tuesday, January 17, 2012

ගාල්ලේ අධිවේගී බස්රථ සේවාවේ ටිකට් වංචාවක්


මෑතකදී ස්ථාපනය කරන ලද දකුණු අධිවේගී මාර්ගයේ ධාවනය වන අධි සුඛෝපභෝගී බස් රථ සේවාව සඳහා මේවනවිට ඉතා හොඳ ඉල්ලුමක් පවතී.සෑම ගමන් වාරයකට පැය කිහිපයකට පෙර සියලුම අසන වෙන්වී අවසන්වේ. 

බොහෝ ආසන පෙර දින දෙක අතුලත වෙන්වී අවසන් වන අතර බොහෝ මගීන්ට සිය අපෙක්ෂිත ගමන් වාරය සදහා ආසන වෙන් කරගත නොහැකි වීමෙන් ආපසු හැරීයාම් දක්නට ඇත.

මෙවන් පසුබිමක ගාල්ල බස් නැවතුම්පල අසල සිටින පිරිසක් ආසන කලින් වෙන්කරවාගෙන එම ප්‍රවේශ පත්‍ර වැඩි මිලට විකිනීමට සැරසෙන බව වාර්තා වේ. 


මහරගමින් දුරකථනය(011-7706386) ඔස්සේ ආසන කලින් වෙන් කර ගත හැකි වූවත් ගාල්ල බස් නැවතුම් පොලෙන් එවන් පහසුකම් සපයන්නේ නැත. එම නිසා කොළඹ සිට පැමිනෙන මගීන්ට සහ දුර සිට පැමිනෙණ මගීන්ට ගාල්ලේ සිට ගමන් කිරීම සඳහා ආසන වෙන කර ගැනීමට නොහැකි වී දැඩි අපහසුතාවයට පත්වන අවස්තා දක්නට ලැබේ.

බොහෝ මගීන්ගේ අදහස වනුයේ ධාවනය වන බස් රථ සංඛ‍යාව වැඩි කර යුතු බවයි.





Source: http://www.gossip9.com/2012/01/blog-post_4794.html#ixzz1jin0Ybvv