Pages

Wednesday, January 18, 2012

ජනපතිට අපහාස වන නාට්‍යයක් කලාට සිරිධම්ම විදුහල්පති එලියට


ගාල්ල ලබුදුව සිරිධම්ම විද්‍යාලයේ පසුගියදා පැවති විවිධ ප්‍රසංගයකදී සිසුන් පිරිසක් විසින් නාට්‍යයක් රඟ දක්වා තිබේ.එම නාට්‍යයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුකරණය කෙරෙන චරිතයක්ද ඇතුලත්ව තිබුණි.

කුරහන් සාටකයක් හා උඩු රැවුලක් සහිතව ජනාධිපති අනුකුඅරණය කල චරිතය ඇතුලත් එම නාට්‍යය විවිධ ප්‍රසංගයේ රඟ දැක්වෙන අතරතුර එම විවිධ ප්‍රසංගය නැරඹීමට පැමිණි කිසියම් පුද්ගලයෙකු විසින් පටිගතකොට රජයේ ඉහලම තරුණ මන්ත්‍රීවරයෙකු වෙත යොමුකොට තිබේ.


ඉන්පසු එම මන්ත්‍රීවරයා විසින් එම පටිගතකරන ලද දර්ශනය ජනාධිපතිවරයාට හා අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කිරීමෙන් අනතුරුව ලබුදුව සිරිධම්ම විද්‍යාලයේ හිටපු විදුහල්පති ප්‍රේමසිරි ඈපා මහතා සේවයෙන් ඉවත්කොට ඇත.


එම නාට්‍යය රඟ දක්වන අවස්ථාවේ ප්‍රේමසිරි මහතා එම ස්ථානයේ සිටියේ නොමැති බවද වාර්තා වනවා.කෙසේනමුත් මෙම නාට්‍යය පුහුණුවන අවස්ථාවේදී එවන් අංගයක් එයට ඇතුලත්ව නොතිබි ඇති අතර වේදිකාව මත රංගනයේදී එම අංගය ඇතුළත්කොට ඇති බවද වාර්තා වේ. 

එම තීන්දුවට විරෝධය දක්වා එම විදුහලේ මවුපියෝ පාසල ඉදිරිපිට කළු කොඩි ඔසවා විරෝධතාවයක් ඊයේ දිනයේ (17) සිදුකළහ.





Source: http://www.gossip9.com/2012/01/blog-post_3401.html#ixzz1joNIDoT4