Pages

Thursday, January 26, 2012

දකුණු අධිවේගයේ ගමන් ගන්නා CTB බස්


දකුණු අධිවේගයේ ගමන් ගන්නා CTB බස් වල ජායාරූප කිපයක් අප වෙත ලැබී තිබෙනවා. අධිවේගයෙන් බස් රථ ගමන් ගන්නා නිසා මඟීන්ගේ ආරක්ෂාවට තිබෙන ආසන පටි ඉතා බාල තත්ත්වයේ වන අතර ඇතැම් ඒවා අබලන් වී තිබෙන ජායාරූපයක්ද ඒ අතර වෙනවා.

පහත දැක්වෙන්නේ ආසන පටි සහිත අධිවේගී මාර්ගයේ ගමනාගමනය සඳහා සුදුසු යැයි සැලකෙන බස් රථ වුවද අතරින් පතර සාමාන්‍ය පැරණි බස් රථද ධාවනය සඳහා ඔවුන් යොදවන බව පළමුවරට අප ඔබට මීට පෙර හෙළි කළා. 

එවැනිම සිද්ධියක් පසුගියදා ද වාර්තා වී ඇති අතර සිරස රූපවාහිනිය එය වාර්තා කළේ පහත වීඩියෝවේ පරිදිය.

මහරගම සිට ගාල්ල බලා පස්වරු 6ට පමණ ධාවනය වී ඇති එම පැරණි බස් රථය පින්නදූවේ ඇතුළුවීමේ දොරටුවේ පොළිස් මුරපොළේ නවත්වනු ලැබ තිබෙනවා. මඟීන් පැවසුවේ එම බස් රථයේ සීට් බෙල්ට් ද නොමැති බවත් මෙය පැරණි බස් රථයක් බව පැවසූ විට "මම බලෙන් කවුරුවත් පටවගත්තේ නෑ. ඔයගොල්ලොමයි මේකේ යන්න ගොඩවුනේ" යැයි පවසමිනි.

බස් රථ ගමනාගමනයේ කාලසටහන හා එම ජායාරූප පහතින්





අබලන් වූ ආසන පටි







Source: http://www.gossip9.com/2012/01/ctb.html#ixzz1kZk4SdPy