Pages

Saturday, February 4, 2012

ඉන්දීයානු රජයේ කරුණාව යට සැගවුණු ගිවිසුම් 5ක්


ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්. කි‍්‍රෂ්ණා මහතා ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමේ ප‍්‍රධාන අරමුන උතුරේ ජනතාවට බලය බෙදිමේ විසදුමක් සඳහා ආණ්ඩුවට බලපෑම් කිරීම ලෙස මාධ්‍ය හරහා පුලූල් ප‍්‍රචාරයක් ලබාදී තිබුණද එම සංචාරයේ මූලික අරමුණ වී ඇත්තේ ආර්ථික වශයෙන් ඉන්දියාවට වැඩිවාසිදායක ගිවිසුම් 5ක් අත්සන් කිරිමය.
මෙහිදී ඩොලර් මිලියන 382ක් වටිනා සහන ණය පදනම මත උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ගිවිසුමක්, ඩොලර් මිලියන 60ක් වටිනා මිලදී ගැනීමේ කොන්දේසී ණය පදනම මත දඹුල්ල ජලසම්පාදන යෝජනා ක‍්‍රමය සඳහා ගිවිසුම් අත්සන් කරන ලදි.

ඊට අමතරව අවතැන්වූවන් සඳහා නිවාස 50,000 ක යෝජනා ක‍්‍රමය, කෘෂි විද්‍යා හා තාක්ෂණික වැඩසටහන හා විදුලි සංදේශ ප‍්‍රවර්ධන වැඩසටහනක් සඳහා අවබෝධතා ගිවිසුම් 3ක් අත්සන් කරන ලදි.

මෙම ගිවිසුම්වලින් ඉන්දියාවට ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික හා වානිජ ක්ෂේත‍්‍රය තුල වැඩි ඉඩක් විවිර වී තිබේ.

Source - lankanewsweb.com