Pages

Saturday, February 4, 2012

‘නිදහස ගැන’ ජනතාවගේ උනන්දුවක් නැහැ


මෙවර ජාතික නිදහස් දිනය වෙනුවෙන් පෙරවාරි 01 දා සිට සෑම කාර්යාලයකම නිවසකම වාහනයකම ජාතික ධජ උසවන ලෙස ආණ්ඩුවේ ප‍්‍රධානීන් මාධ්‍ය හරහා දිගින් දිගටම ජනතාවගෙන් ඉල්ලා සිටියද, ජනතාව ඊට යහපත් ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බව රටේ සිව්දිගින් වාර්තා වේ.
උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවල රජයේ කාර්යාලවල හා ආරක්ෂක අංශවල බලපැම් මත ස්ථාන කිහිපයක පමණක් ජාතික ධජ ඔසවා ඇතත් නිවෙස්වල ජාතික ධජ ඔසවා ප‍්‍රදර්ශනය කර නොමැත.

එසේම උතුරු-නැගෙනහිරට පරිභාහිර දකුණු ප‍්‍රදේශයේ නගරහා ගම්බිම්වලද ජාතික ධජ ප‍්‍රදර්ශනය කොට ඇත්තේ කලාතුරකින් නිවසක පමනි.

යුද්ධය තියුණුව පැවති සමයේත් එල්.ටී.ටී.ඊ ය පරාජය කොට ආණ්ඩුව ජයගැනීමෙන් පසුවත් මීට පෙර වසරවලදි නිදහස් දිනය සැමරීමට ජාතික ධජ ප‍්‍රදර්ශනය කිරිම උන්මාදයක් බවට පත්ව තිබිණ.

මේ වනවිට යුද උන්මාදය කෙමෙන් කෙමෙන් පහවයමින් තිබෙන බවත්, ආණ්ඩුව කෙරෙහි ජනතාව තුල පවතින විරෝධය හේතුවෙන් නිදහස් දා ජාතික කොඩියක් එසවිමට තරම්වත් ජනතාව තුළ උනන්දුවක් නොමැති බවත්, මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයෙකු පැවසීය.

Source - lankanewsweb.com