Pages

Friday, February 3, 2012

පාක්රෝඞ් හි මර්වින්ගේ නිවස තැනීම ගෝඨා තහනම් කරයි


දැනට පස්මහලකින් යුතුව ඉදිවෙමින් පවතින කොළඹ 05 පාක්රෝඞ් හි මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාට අයත් නිවස තවදුරටත් ඉදිකිරීම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරිය ලවා තහනම් කොට ඇති බව වාර්තා වේ.



මෙසේ මෙම ඉදිකිරීම තහනම් කිරීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය හේතු ලෙස දක්වා ඇත්තේ එය සැලැස්මකින් තොර අනවසර ඉදිකිරීමක් බවත්, එම ඉදිකිරීම කරන භූමිය සම්බන්ධයෙන් නීත්‍යානුකූල හිමිකාරිත්වයක් පෙන්නුම් කිරීමට අමාත්‍ය මර්වින් සිල්වා අසමත්වීමත් යන කරුණුය.

මෙම භූමි පරීශ‍්‍රය අමාත්‍ය මර්වින් සිල්වා විසින් බලෙන් ලබාගත් ස්ථානයක් බවත්, එහි මුල්අයිතිකාරිය වී ඇත්තේ රියදුරු පුහුණු ආයතනයක හිමිකාරියක්වන ‘කැසිනෝ චන්ඞ්’ නැමති කාන්තාවක් බවත්ය.

මෙම ‘කැසිනෝ චන්ඩි’ නැමති කාන්තාවට කැසිනෝ ගැසීම සඳහා ඇය කැසිනෝ ශාලාවල පරාජයට පත්වූ අවස්ථාවල ගිනිපොලියට ණයට මුදල් දී ඇති මර්වින් සිල්වා, එම කාන්තාව කැසිනෝ ශාලාවල අයිතිකරුවන් සමග ආරවුල් ඇතිකරගත් අවස්ථාවලදී ඒවා සමතයකට පත්කොට ඇයව දැලේ දමාගෙන මෙම පාක්රෝඞ් හි නිවසේ බලෙන් පදිංචි වී තිබේ.

මෙම ‘කැසිනෝ චන්ඩි’ නැමති කාන්තවටද මේ නිවසේ නියම අයිතියක් නොතිබී ඇති අතර, එහි සැබෑ හිමිකරුවන් පදිංචිව සිට ඇත්තේ පිටරටකය. මේ වනවිට මෙම සැබෑ හිමිකරුවන් ලංකාවට පැමිණ කෙසේ හෝ තමන්ට සිදුවූ අසාධාරණය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හමුවී පවසා තිබේ. ඔවුන්ගේ දුක්ගැනවිල්ල අසාසිටි ආරක්ෂක ලේකම්වරයා සිද්ධිය පිළිබදව වහාම වාර්තාවක් කැඳවා එම පැමිණිල්ල සත්‍යයක් බවට තේරුම්ගෙන මෙම ඉදිකිරීම් වහාම නවතා දමන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට නියෝග කොට තිබේ.

Source - lankanewsweb.com