Pages

Friday, February 3, 2012

ජනමාධ්‍ය ලේකම් සුපිරි නිවසක් මිලදිගනී


තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.බී. ගනේගල මහතා රුපියල් මිලියන 35 කට කොළඹ හයිඞ්පාක් ප‍්‍රදේශයෙන් සුපිරි මහල් නිවසක් මිලදී ගෙන ඇති බව වාර්තා වේ.
ගනේගල මහතා මෙම සුපිරි මහල්නිවස මිලදී ගෙන ඇත්තේ ‘ලංකා ප්‍රොපටි ඩිවලොප්මන්ට්ස්’ සමාගම විසින් කොළඹ හයිඞ්පාක් කෝනර් හි ඉදිකරන ලද ‘හයිඞ්පාක් රෙසිඩන්සිස්’ නැමති අති සුඛෝපභෝගී නිවාස සංකීර්නයෙනි.

මෙම සුපිරි මහල් නිවසේ මේ වනවිට ගනේගල මහතාගේ පුත‍්‍රයා සහ ඔහුගේ බිරිඳ වාසය කරනු ලබයි. තම අමාත්‍යාංශ ලේකම් තනතුර උපයෝගී කරගනිමින් විවිධ අක‍්‍රමිකතා මගින් ඩබ්ලිව්.බී. ගනේගල මහතා විශාල මුදල් ප‍්‍රමාණයක් අයුතු ලෙස එක්රැස් කරගෙන ඇති බවට චෝදනා විශාල ප‍්‍රමාණයක් ඔහුට එරෙහිව පවතී.


Source - lankanewsweb.com