Pages

Tuesday, February 7, 2012

ආණ්ඩුවට එරෙහි විරෝධතාවය වැලැක්වීමට බෝම්බ භීතිකාවක්


ජෙනරාල් සරත් ෆොන්සේකා බලහත්කාරී ලෙස සිරගත කොට හෙට දිනට (08) වසර දෙකක් සැපිරීම නිමිත්තෙන් අලූත්කඬේ අධිකරණ සංකීර්නය අසල දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට විපක්ෂය කටයුතු යොදා තිබියදී, අධිකරණ සංකීර්ණය අසලින් බෝම්බ 9ක් සොයාගත් බවට ආරක්ෂක අමාත්‍යාංශය අද පෙරවරුවේ සිට භීෂණයක් මවාපාමින් සිටී.
මෙම බෝම්බ සොයාගැනීමේ සිද්ධිය පාදක කරගනිමින් හෙට පැවැත්වෙන විරෝධතාවය අත්හිටුවීම සඳහා අධිකරන නියෝගයක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ දීප ව්‍යාප්ත අන්දමින් මතුවීමත් සමග ආරක්ෂක අංශ තැනින් තැන බෝම්බ, බෝමබකබා, අවිආයුධ හමුවීමට පටන්ගෙන තිබේ. මෙය පැහැදිලිවම ආණ්ඩු විරෝධය යටපත් කිරීම සඳහා සිදුකරන මෙහෙයුමක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකු අප වෙත පැවසීය.

Source - lankanewsweb.com