Pages

Friday, February 3, 2012

‘රාවය නිව්ස්’ වෙබ් අඩවිය තහනම් කෙරේ


ජීවිත ආරක්ෂාව සඳහා ශ‍්‍රී ලංකාවෙන් පැනගොස් මේ වනවිට යුරෝපයේ සිට ක‍්‍රියාත්මකවන පිරිසක් විසින් පසුගියදා ආරම්භ කරනු ලැබූ ‘රාවය නිව්ස්’ වෙබ් අඩවිය පෙරේදා (31) දා මැදියම් රැයේ සිට ශ‍්‍රී ලංකාව තුළ අවහිර කොට තිබේ.
එම වෙබ් අඩවිය ‘රාවය’ පුවත්පතේ පළවූ පුවත් හා විශේෂාංග වාර්තා කිසිදු අනුමැතියකින් තොරව මුලූමනින්ම පළකිරීම පිළිබදව ‘රාවය’ හිමිකාර වික්ටර් අයිවන් මහතාගෙන් චෝදනා එල්ලකර තිබිණ.

‘රාවය නිවිස්’ වෙබ් අඩවිය ඇතුලූ ප‍්‍රවෘත්ති වෙබ්අඩවි 6ක් මේ වනවිට ශ‍්‍රී ලංකාව තුළ තහනම් කොට තිබේ. ‘ලංකා ඊ නිව්ස්’, ‘ලංකා නිවිස් වෙබ්’, ‘ලංකා වේ නිව්ස්’, ‘ලංකා ගාඩියන්’, ‘ටැමිල් නෙට්’, ‘පැපරාසි නිව්ස්’ මේ වනවිට ශ‍්‍රී ලංකා රජය විසින් තහනම් කොට හෝ බාධාකිරීම්වලට ලක්කොට ඇති වෙබ් අඩවි වේ.

ආණ්ඩුව එසේ තාක්ෂණික දැනුම යොදාගනිමින් එකී වෙබ් අඩවි ශ‍්‍රී ලංකාව තුළ අවහිර කර තිබුණද, එම වාරනය හේතුවෙන්ම මෙම වෙබ් අඩවි ශ‍්‍රී ලංකා දේශපාලන ක්ෂේත‍්‍රය තුළ වැඩි ආකර්ෂනයක් අත්පත් කරගෙන තිබේ.