Pages

Wednesday, February 1, 2012

ආයෝජන මණ්ඩල සභාපති අන්තඃපුරයක


ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩෝ මහතා එම කාර්යාලය තුළ අන්තඃපුරයක් පවත්වාගෙන යනු ලබන බව පසුගියදා හෙලිදරව් වී තිබේ.
වයස අවුරුදු 60 ද ඉක්මවා සේවය කරන ෆර්ඩිනැන්ඩෝ මහතා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාද වේ.

මොහු ආයෝජන මණ්ලයේ ලාබාල සුරූපි තරුණියන්ට වහවැටී සිදුකරන ක‍්‍රියාමාර්ගයන් හේතුවෙන් ආයතනයේ කටයුතු මුලූමනින්ම අඩාල වී ඇති බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් කරනු ලැබූ හෙලිදරව්වකදී මෙම තොරතුරු හෙළි වී තිබේ.

පසුගිය කාලය තුළ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කිසිදු ප‍්‍රගතියක් අත්පත් කරගෙන නොමැති බවට චෝදනා කොට ඇති ජයසුන්දර මහතා, එයට ආයතන ප‍්‍රධානීන් මුලූමනින්ම වගකිවයුතු බවද සඳහන් කර තිබේ. නිසිආකාරව වැඩකළ නොහැකිනම් ඉල්ලා අස්වී යන ලෙසද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ආයෝජන මණ්ඩල ප‍්‍රධානීන්ට ප‍්‍රසිද්ධියේ බැනවැදී තිබේ.


Source - lankanewsweb.com