Pages

Thursday, March 22, 2012

කටුගේ කඩු නැතිවීම තවදුරටත් අභිරහසක්


කෝට්ටේ රජමහ විහාරයේ හිමිවරුන් දෙනමගේ ඝාතනයට අදාල සැකකරුවන් එම සිද්ධියෙන් පැය කිහිපයක් තුලදී අත් අඩංගුවට ගැනීමට තරම් දක්ෂ වූ පොලීසියට, ජාතික කෞතුකාගාරයේ බඩු අතුරුදහන්වී දින ගණනක් ගතවී ඇතත් ඊට අදාල කිසිදු සැකකරුවෙකු හෝ අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම පිටුපස කිසියම් දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක වන්නේදැයි බලවත් සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

කෞතුකාගාරය සොරුන් විසින් බිඳ දැමීම ගැන ආණ්ඩුවේ බලධාරින් සිදුකරන ප‍්‍රකාශ එකිනෙකට පරස්පර බව කියා සිටින අත්තනායක මහතා, සොරකම සිදුවූ දිනයේ කෞතුකාගාරයේ ස්වයංක‍්‍රීය කැමරා අක‍්‍රීයව තිබීමද සැකකටයුතු බව සඳහන් කරයි.

මෙම කඩු සොරකම ජනාධිපතිවරයාගේ හා ඔහුගේ පවුලේ අයගේ නියෝගය මත ජනාධිපති ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් සිදුකලේදැයි සැකයක් මතුව තිබෙන බව පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.

Source - lankanewsweb.com