Pages

Thursday, March 22, 2012

බැසිල්ගේ නිහැඩියාව ජනාධිපතිටත් ගැටලූවක් ?


ශ‍්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාවේදී ඡන්දය දෙන බවට ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා කළ ප‍්‍රකාශයෙන් පසුව, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ ක‍්‍රියාකළාපය වචනයකින් හෝ විවේචනය නොකිරීම ජනාධිපතිවරයාගේ කෝපයට හේතුවී ඇතැයි වාර්තා වේ.


මැති ඇමතිවරු කිහිප දෙනෙකු රාජකාරී කටයුත්තක් සඳහා ජනාධිපතිවරයා හමුවීමට ගිය අවස්ථාවේදී, ඔහු බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ වත්මන් ක‍්‍රියාකාරිත්වය දැඩි ලෙස විවේචනය කර තිබේ.

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ වනවිට පාලනය කරන්නේ, ඔහුගේ ඉන්දියානු බෑනා විසින් බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

මොනතරම් චෝදනා තිබුණද තමා වෙනුවෙන් දිගටම පෙනී සිටින්නේ විමල් වීරවංශ අමාත්‍යවරයා සහ මර්වින් සිල්වා අමාත්‍යවරයා පමණක් බවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කර තිබේ.


Source - lankanewsweb.com