Pages

Monday, March 12, 2012

වැලිකඩ ෆැෂන් ෂෝ අතරේ කාන්තාවන්ට අතවර



පසුගියදා පැවති කාන්තා දිනයට සමගාමීව වැලිකඩ බන්ධනාගාරයේ විලාසිතා දැක්මක් පැවැත්වුණා. අත්අඩංගුවේ සිටින ජනප්‍රිය නිරූපණ ශිල්පිනියන් ඇතුළු සුරූපී කාන්තා රැඳවියන් පිරිසක් මේ සඳහා සහභාගී වුණා. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියයි.

මෙම නිරූපණ තරඟයට පුහුණු කිරීමේ මුවාවෙන් බන්ධනාගාරයේ ජේෂ්ඨ නිළධාරීන් දෙදෙනෙක් විසින් අත්ඩංගුවේ සිටි සුරූපී කාන්තා රැඳවියන් පිරිසක් අ
වශ්‍ය ලෙස ස්පර්ශ කරමින් ලිංගික අතවරයට ලක් කර ඇති බව වාර්තා වෙනවා. 
ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාව මත බන්ධනාගාර ගතව සිටින ජනප්‍රිය නිරූපණ ශිල්පිණියන් ඇතුලු පිරිසක් මෙම සිද්ධියට මුහුණපා තිබෙනවා. මෙම කාන්තා රැඳවියන් පිරිස නිරූපණ තරඟයට ඉදිරිපත් කිරීමට පෙර එම නිරූපණ තරඟ පුහුණුවීම් කර ඇත්තේ අදාල බන්ධනාගාර නිළධාරියා හා තවත් ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විසිනි.

මෙම නිලධාරීන් දෙදෙනා දින 5 ක් තිස්සේ වැලිකඩ කාන්තා අංශය වෙත ගොස් එහි සිටින කාන්තා රැඳවියන් අතරින් සුරූපී කාන්තාවන් තෝරා රාත්‍රී 12 පමණ වනතුරු පෙර පුහුණුවීම් කටයුතු කර ඇති බවත් එක් නිලධාරියකුගේ පුද්ගලික සහායකයා වශයෙන් සිටි කණිෂ්ඨ නිලධාරියකු මෙම නිරූපණ තරඟයට යොදා ගත් කාන්තාවන් විවිධ කෝණ වලින් ඡායාරූප ගත කර ඇති බවත් වාර්තා වෙනවා

මේ පිළිබඳව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා පවසන්නේ
"මෙවැනි චෝදනාවක් පිළිබඳව තවම වාර්තා වුනේ නැහැ. නිරූපණ තරඟය ආරම්භ වී එය අවසන් වනතුරුත් මම එම ස්ථානයේ රැදී සිටියා. එතැනදී රැඳවියන් ඇවිත් මට කතා කලා. ඒත් මට ඔවුන් පැමිණිල්ලක් නම් කලේ නැහැ. පමිණිල්ලක් ලැබුනොත් සලකා බලනවා. මේ තරඟයට පුහුණුවීම් කෙරෙව්වේ කාන්තා අංශයේ නිලධාරීන්. හැබැයි පිරිමි නිලධාරියෙක් අඩුපාඩු හදන්න එතන ඉඳලා තියනවා." යනුවෙනි

එම විලාසිතා දැක්මේ ජායාරූප කීපයක් පහතින්.





ජායාරූප: ලංකාදීප පුවත්පත.








Source: http://www.gossip9.com/2012/03/blog-post_266.html#ixzz1ouHwq4GR