Pages

Saturday, April 21, 2012

ජෙනරාල් මැයි 1දා නිදහස් ?


දේශපාලන හේතූන් මත සිරගතකොට සිටින හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා මහතා ලබන මැයි පළවෙනිදා නිදහස ලබන බව ඔහුගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.
හිටපු යුද හමුදාපති ෆොන්සේකා මහතාට යුද අධිකරණය විසින් ලබා දුන් වසර දෙකහාමාරක සිර ද~ුවම මෙම මස අගදී ගෙවා අවසන්වීමට නියමිතය. ෆොන්සේකා මහතාට එරෙහිව සුදු කොඩි නඩු තීන්දුවට අදාළව සිරද~ුවමක් හිමි වී ඇතත් ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින් ඒ සඳහා ඇප ලබාගැනීමේ හැකියාවක් පවතින බව එම පක්ෂයේ අදහස වී තිබේ. එසේම ජනාධිපතිවරණ සමයේදී හමුදා සෙබළුන් කිහිපදෙනෙකු නිල නොවන ආකාරයෙන් රඳවා තබා ගැනීමට එරෙහිව අධිකරණය තුළ විභාග වෙමින් තිඛෙන නඩුව සඳහාද ඇප ලබා ගැනීමට ටිරාන් අලස් මන්ත්‍රීවරයා මේ වනවිට නීතිඥයින් සමඟ සාකච්ඡා පවත්වමින් සිටී.
සරත් ෆොන්සේකා මහතා මැයි පළවෙනිදා නිදහස්වන බව ටිරාන් අලස් මහතාට හිමි ඉසිර ගුවන්විදුලියද අද වාර්තා කළේය.

Source - lankanewsweb.com