Pages

Saturday, April 21, 2012

කටුගෙයි අසිපත් හොරකම යට ගැසේ

කොළඹ ජාතික කෞතුකාගාරයේ පෞරාණික අසිපත් සහ රන් කාසි සොරාගැනීමේ සිද්ධියට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු ජනාධිපතිවරයාගේ නියමයෙන් තාවකාලික අත්හිටුවා ඇති බව වාර්තාවේ.
කිසිදු පදනමකින් තොරව මෙම සිද්ධියට දේශපාලඥයින් හා රජයේ ඉහළ නිලධාරීන් සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මාධ්‍යවේදීන් පිරිසකට කර තිඛෙන ප්‍රකාශ පිළිබඳව කෝපයට පත් ඇති ජනාධිපතිවරයා, තමන්ගේ හිතවතුන්ට නිකරුනේ අපහාස කිරීමෙන් වලකින ලෙස එහි නිලධාරීන්ට දැනුම් දෙන්නැයි පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.


මෙම සොරකම සම්බන්ධයෙන් රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයාගෙන් සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ බිරිඳවන දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මියගේ මෙන්ම ජාතික කෞතුකාගාරයේ සහකාර අධ්‍යක්ෂවරයකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව සිිටියද පොලිස්පතිවරයාගේ නියෝගය මත එම ප්‍රශ්න කිරීම් සිදු නොකළ බවත්, එසේ ප්‍රශ්න කළේ නම් මෙම සිද්ධියට අදාළ කරුණු රැසක් හෙළිදරව් කර ගැනීමට හැකියාව තිබූ බවත් මේ සම්බන්ධයෙන් අප වෙත කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීයෙකු අප වෙත පැවසීය.

Source - lankanewsweb.com