Pages

Thursday, April 26, 2012

හාම්පුතාත් දේපලත් රැකදී බල්ලා වෙඩි කයි..!


බල්ලා කූඩුව කඩාගෙන කොල්ලකරුවන් වෙත කඩා පැනලා...

තම හාම්පුතාගේ ජීවිතයත්, දේපලත් රැකදී කොල්ලකරුවන් අතින් මැරුම් කෑ බල්ලෙකු පිළිබඳ පුවතක් මීරිගම ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

පෙරේදා රාත‍්‍රියේ මීරිගම මාලදෙනිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු සිය නිවසට ඇතුළු වෙද්දී කොල්ලකරුවන් දෙදෙනෙකු ඔහු පසුපසින් නිවසට ඇතුළු වී පොරබදා ඇත.


ඒ බව දුටු බිරිඳගේ ලතෝනියක් සමඟ කූඩුවේ සිටි සුරතල් බල්ලා කූඩුව කඩාගෙන කොල්ලකරුවන් වෙත කඩා පැනීමත් සිය අරමුණු ඉටු කර ගත නොහැකි බව දැනගත් කොල්ලකරුවන් බල්ලාට වෙඩි තබා පලා ගොස් ඇත.වෙඩි වැදුනු බල්ලා ස්වල්ප මොහොතකට පසු මියගොස් තිබේ.