Pages

Saturday, April 21, 2012

ක්‍රිස් ගේල් ගේ හයේ පහර දසහැවිරිදි දැරියගේ මුහුණට


ඔයා මේ ගැන දුක්වෙන්න එපා 
දිගටම හයේ ඒවා ගහන්න
- තුවාල ලැබූ දැරිය ක්‍රිස් ගේල්ට කියයි 

ඉන්දියානු ප්‍රිමියර් ලිග් පන්දුවාර 20 ක්‍රිකට්‌ තරගාවලියේදී රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්‌ඩායමේ ආරම්භක පිතිකරු වන ක්‍රිස්‌ ගේල් විසින් එල්ල කළ දැවැන්ත හයේ පහරකින් ප්‍රේක්‍ෂකාගාරයේ සිටි 10 හැවිරිදි දැරියක්‌ තුවාල ලබා ඇත.

රෝයල් චැලේන් බැංගලෝ සහ පූනේ වොරියර්ස්‌ අතර තරගයේදී රාහුල් ෂර්මා විසින් යවන ලද එක්‌ පන්දුවාරයකදී ගේල් පිට පිටම හයේ පහර පහක්‌ එල්ල කරන ලදී. 


එහිදී ඔහු විසින් එල්ල කළ සිව්වැනි හයේ පහර ප්‍රේක්‍ෂකාගාරයේ සිටි 10 හැවිරිදි ටියා නම් දැරියගේ නාසයේ වැදී ඇය තුවාල ලබා බැංගලෝර් රෝහල වෙත රැගෙන ගොස්‌ ඇත.

දිගින් දිගටම හයේ පහරවල් එල්ල කලත් තමා එල්ල කල හයේ පහරකින් කුඩා දැරියක් තුවාල ලබා ඇති බව ක්‍රිස් ගේල් දැන ගෙන ඇත්තේ තරඟය අවසානයේදීය.ඉන් මහත් කම්පනයට පත් ඔහු ටියා නම් තුවාල ලද දැරිය ප්‍රතිකාර ගනිමින් බැංගලෝර් රෝහල වෙත ගොස්‌ ඇයගේ සුව දුක්‌ විමසා ඇති අතර ක්‍රිස් ගේල් දුටු ටියා විසින් මේ පිළිබඳව දුක් නොවන ලෙසත් දිගටම හයේ පහරවල් ගසන ලෙසත් ප්‍රකාශ කොට ඇත.






Source: http://www.gossip9.com/2012/04/blog-post_1218.html#ixzz1sfu7TjLs