Pages

Friday, April 27, 2012

කළු ගඟේ සැඟව ගිය පෙම් යුවල


කළුතර බෝධිය අසල දුම්රිය පාලමේ මගී තීරුවේ ගමන් කල තරුණ පෙම්වතුන් දෙදෙනෙකු හදිසි අනතුරක් හේතුවෙන් මියගොස් ඇත.

උපකාරක පන්ති යමින් සිටි පෙම්වතා සිය පෙම්වතිය සමගින් දුම්රිය පාලමේ ගමන් කරමින් සිටින විට එක්වරම ලෑල්ලක් කඩාගෙන පෙම්වතිය කළු ගඟට වැටි තිබේ.

පෙම්වතාට සිය පෙම්වතිය බේරාගැනීමට අන් මගක් නොවූ හේතුවෙන් ඒ මොහොතේම ඔහුද කළු ගඟට පැන ඇත්තේ පෙම්වතිය බේරාගැනීමේ අදහසිනි.

එහෙත් අවසානයේ දෙදෙනාම කළු ගඟට බිලි වුයේ යොවුන් ප්‍රේමය කළු ගං පත්ලේ සඟවමිනි.


අනතුරෙන් ටික වෙලාවකට පසුව පෙම්වතියගේ සිරුර සොයාගැනීමට හැකි වූ අතර තවම පෙම්වතාගේ සිරුර සොයාගැනීමට හැකිවී නොමැත.

මෙලෙස අනතුරෙන් මියගොස් ඇත්තේ 18 හැවිරිදි පානදුර 
අළුබෝමුල්ලේ පදිංචි මධුවන්ති නමැති තරුණියකි.

මධුවන්ති වැටුණු ස්ථානය  

 






Source: http://www.gossip9.com/2012/04/blog-post_5048.html#ixzz1tBkDvJBr