Pages

Friday, May 25, 2012

කොණ්ඩෙ නොබැඳපු චීන්නු 17ක් රාජගිරියේ සිට චීන ඩොලර් මිලියන 2 කට විදලා

කාලයක සිට චීනයේ විවිධ මුල්‍ය ආයතන වල ගිණුම් වලින් බලෙන් මුදල් ලබා ගනිමින් සිටි කණ්ඩායමක් පිළිබඳ චීන පොලිසිය විමසිල්ලෙන් පසු වූ අතර එම කටයුතු ශ්‍රී ලංකාවේ සිට මෙහෙයවන බව අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට චීන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් දැනට සති 02කට පෙර ජාත්‍යන්නතර පොලිසියේ ශ්‍රී ලංකා ශාඛාවට කරන ලද දැනුම්දීමක් අනුව ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඉන්පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක‍ෂකවරයා ඇතුලූ නිලධාරීන් කණ්ඩායමක් සමග ලංකාවේදී විමර්ශනය සිදුකොට මෙම මුදල් ජාවාරම ශ්‍රී ලංකාවේ සිට මෙහෙයවන ලද චීන ජාතික කාන්තාවන් 06 දෙනෙක් හා පිරිමින් 11 දෙනෙකු ඇතුලූ 17 දෙනෙක් රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මේ වන විට මොවුන් චීනය වෙත රැගෙන යාමට රඳවා තබා ඇත.

ශ්‍රී ලංකාවේ සිට මෙහෙයවන ලද මෙම ජාවාරම තුළින් චීනයේ බැංකු වලින් ඩොලර් මිලියන 2 කට අධික මුදල් ප්‍රමාණයක් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ. එමෙන්ම මේ සඳහා යොදා ගත් පරිඝනකද අත්අඩංගුවට ගෙන ඇත.










Source - http://www.facebook.com/lankaenews