Pages

Friday, May 25, 2012

එන්එස්බී - ද ෆිනෑන්ස් වංචාවේ තැරැව්කාරයාත් එළවයි


පාර්ලිමේන්තු කාරක සභාවකින් පරීක‍ෂණ ඉල්ලයි

ජාතික ඉතිරිකිරීමේ බැංකු සහ ද ෆිනෑන්ස් මහ වංචාවට සම්බන්ධ වූ අතරමැදියා වන තැප්‍රොබේන් සෙකුරිටීස් පුද්ගලික තැරැව්කාර සමාගමේ දිනාල් විෙජ්මාන්නට එහි කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක ධූර දෑරීම ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් අද තහනම් කෙළේය. ඔහුට වෙනත් තනතුරු දැරීමද තහනම් කර තිබේ.

මේ අනුව දැනට සිදුකෙරෙමින් පවතින ජාතික ඉතිරිකිරීමේ බැංකු සහ ද ෆිනෑන්ස් වංචාව ගැන පරීක‍ෂණ නිමාවන තුරු දිනාල් විෙජ්මාන්නට මෙම තහනම බලපානු ඇත. දිනාල් විෙජ්මාන්න ද ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂක වරයෙක් ලෙසද කටුයතු කර තිබේ. මොහු ගැන තොරතුරු අප කලින් ලිපියකින් හෙලි කර ඇත.

මහ දහවල් දෙනෝ දහක් ඉදිරියේ සිදු කල මෙම ප්‍රසිද්ධ මහජන මුදල් මංකොල්ලයේදී ව්‍යාජ වෙළෙඳ පොළ තත්ත්වයක් මවා පෑමක් සිදු කළේය. ගණුදෙනුවට පෙර රුපියල් 30-32 කට ගණුදෙනු වූ zද ෆිනෑන්ස්Z කොටසක් මේ පිරිස් රුපියල් 50 කට ආසන්න මිලකට මිලදී ගනිද්දී එය විකිණීමට තෝරා ගත් පිරිසට පමණක් අවස්ථාව ලැබිණ. යළි ඒ ගනුදෙනුවෙන් පසු කොටසක මිල පෙර තිබු මිලටම සැනෙකින් පහළ බැස්සේය. අද වන විට ද ෆිනෑන්ස් කොටසක මිල රුපියල් 5 දක්වා ඇද වැටී තිබේ.

මෙම වංචනික ගණුදෙනුවත් 
අප වෙබ් අඩවිය වෙතින් මීට පෙර හෙළි කළ ඊපීඑෆ් මුදල් යොදවා කළ අනෙක් වංචනික ගනුදෙනු ගැනත් පරීක‍ෂණ කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

කොටස් වෙළඳ පොලේ සිදු කළ මෙවැනි වංචා නිසා විදේශීය ගණුදෙනු කරුවෝ කොටස් වෙළඳ පොලින් ඉවත්ව සිටිති. එනිසා අති විශාල කඩා වැටීමක් කොටස් වෙළෙඳ පොලේ දක්නට ලැබේ.