Pages

Wednesday, May 2, 2012

හිරු ටි.වී හෙට සිට


රෙනොර් ද සිල්වා ට අයත් ඒ.බි.සි මාධ්‍ය ජාලයේ පළමු රුපවාහිනි නාලිකාව වන "හිරු ටි.වී" නාලිකාව හෙට දිනයේ පටන් ආරම්භ කිරීමට නියමිතයි.

රුපවාහිනි නාලිකාවක් වෙනුවෙන් ලංකාවේ සිදුකරන ලද විශාලතම ආයෝජනය ලෙස මෙය වාර්තා වනවා.ඉන්දියානු වාණිජ්‍ය රූපවාහිනි ආකෘතියට අනුව එම නාලිකාව නිර්මාණය කර ති‍බේ.

ඒ අනුව ලංකාවේ රුපවාහිනී නාලිකාවල නුදුටු නව වර්ණ පරාස ඔස්සේ මෙම නාලිකාව ක්‍රියාත්මක වීමට නියමිතයි.


ආරම්භයේදීම 95% ක ආවරණයක් සහිතව විකාශනය ආරම්භ කරන පළමු නාලිකාව හිරු ටි.වී වේ.දැනට දිවයිනේ ස්ථාන දහයක සිට පරීක්ෂණ විකාශයන් කරගෙන යන මෙම නාලිකාව ඉදිරියේදී UHF සංඛ්‍යාත ඹස්සේ නුවර 21,රත්නපුර 21,කුරුණෑගල 22,නායබැද්ද 22, බදුල්ල 23,හුන්නස්ගිරිය 23,ගම්මඩුව 26,යාපනය 38,කිකිළියමාන 38,කොකාවිල් 45,මාගල්කන්ද 45,කොළඹ 56 රට පුරා විකාශය වීමට නියමිතයි.

ලංකාවේ රුපවාහිනී නාලිකා අතුරුරින් HD Ready හා Digital Ready වශයෙන් පැමිණෙන ප්‍රථම නාලිකාවද හිරු. ටීවී වේ.


රෙනොර් ද සිල්වාගේ සොයුරු දුමින්ද සිල්වා මෙයට පෙර "මොබයිල් කම්පැනි එකකුයි, ටීවී චැනල් එකකුයි තිබ්බොත් ජනාධිපති වෙන හැටි මම දන්නවා" යනුවෙන් කල ප්‍රකාශයක් පිලිබඳ මෙයට පෙර ලිපියකින් අප හෙළි කළා.






Source: http://www.gossip9.com/2012/05/blog-post_1881.html#ixzz1tjNeIMOh