Pages

Wednesday, May 2, 2012

ලංකාගේ සෙල්ලම අළුත් විදියකටද ?


මෙයට පෙර ලිපියකින් අප විසින් හෙලි කරන ලද ස්වර්ණමහල් ෆයිනෑන්ස් කොටස් මිල කෘතිමව ඉහල ගෙනයාම පිළිබඳව කොටස් නියාමකයා විසින් කිසිඳු පියවරක් ගෙන තිබූ බවට දැනගැනීමට නොලැබුනද, ඒ සම්බන්ධව දීර්ඝ වශයෙන් අභ්‍යන්තර මත විචාරණ තිබුණු බවට ඇතුලතින්ම දැනගැනීමට ලැබුනි.

නමුත් බයවූ ලංකා සිකුරිටීස් හි ලලේන්ද්‍ර ලංකා තම පාලනයේ තිඛෙන, ගිණුම් වලට ගන්නා ලද සිංගර් සමාඟම විසින් පාලනය කරන සමාඟමක් වන කොටස් වෙළඳපල ලැයිස්තුගත, රෙග්නීස් ලංකාහි කොටස් 
පසුගියදා ජෝන්කීල්ස් තැරුව්කාර සමාඟමේ සහ තවත් තැරැව්කාර සමාඟම් වල තම මිතුරන්ගේ ගිණුම් වලට හුවමාරු කර ඇති බැව් දැනගැනීමට ලැබුණි. 

මේ අතර 
පසුගියදා (අප්‍රේල් 26 දින) රෙග්නීස් සමාඟමේ කොටස් 306,112 ප්‍රමාණයක් රු.123.80 උපරිමයක් යටතේ හුවමාරු විය. 

අළුතින් අධ්‍යක‍ෂක ජෙනරාල් ලෙස පත්කරන ලද ආචාර්ය දිසාබණ්ඩාර මහාතාගේ අධීක්ෂණයෙන් පවත්වා ගෙන යන කොටස් නියාමකයාගේ නෙත් මේ අවස්ථාවේ හෝ විවරවේ යැයි බලාපොරොත්තු වෙමු.

ලංකා විසින් මෙය සිදු කරනු ලැබුයේ ජනතාවට ආදරයකට නොවන අතර තමන් යටතේ තිඛෙන ගිණුම්, කොටස් නියාමකයා විසින් පරික‍ෂා කරන අවස්ථාවේ එය බොරුවක් බව පෙන්වීමටයි. 


එසේ කැකිල්ලේ පරීක‍ෂණ පවත්වන කොටස් නියාමක ආයතනයේ වැඩකරන කිහිපදෙනෙකු විසින් අයතා ලෙස ලබාගන්නා ලද මුදල් පිළිබඳ වාර්තාවක්ද නුදුරු අනාගතයේ මහජනතාවගේ දැනගැනීම පිණිස යොමු කිරීමට බලාපොරොත්තු වෙමු.

- ජනක ආටිගල  








Source: http://www.gossip9.com/2012/05/blog-post_2139.html#ixzz1tjK7HESe