Pages

Thursday, May 10, 2012

උතුරු මැද පළාත් සභාව කළින් විසිරුවීම අධිකරණයෙන් තහනම් කරයි

උතුරු මැද පළාත් සභාව නියමිත කාලයට පෙර විසුරුවා හැරීම වළක්වාලමින් ප්‍රධාන අමාත්‍යවරයාට සහ ආණ්ඩුකාරවරයාට උතුරුමැද පළාත් බද මහාධිකරණය විසින් අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 

නැගෙනහිර, උතුරුමැද සහ සබරගමුව පළාත් සභා විසිරුවා හැර ආණ්ඩුව පෙර දී මෙන්ම සලාක ක්‍රමයට මැතිවරණ පැවැත්වීමට යන බව ඊයේ දිනපතා පුවත්පතක් විසින් හෙළිකර සිටියේ ය.

උතුරුමැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අනිල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සළකාබැලීමෙන් අනතුරුව අධිකරණය ඉහත නියෝගය පැනවීය.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කරුණාරත්න හේරත් මහතා "උතුරු මැද පළාත් සභාව 2008 දී කළ සේ මෙවරත් අවුරුදු එක හමාරක් පමණ නිල කාලය ඉතිරිව තිබියදී විසිරුවන්න යනවා. අද අපි අධිකරණයෙන් නිල කාලයට පෙර විසිරුවා හැරීම තහනම් කරමින් නියෝගයක් ලබා ගෙන තියෙනවා. උතුරු පළාත් මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා මෙහි 1 වන වග උත්තර කරු වෙනවා සහ ආණ්ඩුකාර වරයා දෙවන වග උත්තර කරු වෙනවා. ඔවුන් ලබන 16 වෙනිදා අධිකරණයට කැඳවා තිඛෙනවා."







Source - http://www.facebook.com/lankaenews