Pages

Thursday, June 14, 2012

මාළිගාවත්ත මහල් නිවාසවල තීන්ත ගෑමට රු. කෝටි 22.5ක්?


රු. කෝටි 22.5ක අතිවිශාල මුදලක වියදමින් මාළිගාවත්ත රජයේ මහල් නිවාසවල තීන්ත ගා, අභ්‍යන්තර මාර්ග හා කානු පද්ධතිය පිළිසකර කිරීම මේ දිනවල ජාතික නිවාස සංවර්ධනය අධිකාරිය සිදු කරමින් සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්‍ෂ රජය සමයේ මෙම සම්පූර්ණ නිවාස යෝජනා ක‍්‍රමය ඉදි කිරීමට හෝ මෙවැනි මුදලක් වියදම් නොකළ බව එහි නිවැසියෝ පෙන්වා දෙති.
නිවාස 200කින් පමණ යුත් මෙම නිවාස යෝජනා ක‍්‍රමය පිළිසකර කිරීමට යැයි පවසමින් මෙවැනි විශාල මුදලක් වැය කිරීම ඉතා ප‍්‍රශ්නකාරී බව ඔවුන් කියා සිටී.
මේ දිනවල සිදුකෙරෙන පිළිසකර කිරීමේ කටයුතු අවසන් වීමෙන් පසුව නිවාස යෝජනා ක‍්‍රමය නැවත වරක් විවෘත කිරීමට නිවාස හා ඉංජිනේරු කටයුතු අමාත්‍යංශය සැලසුම් කරමින් සිටින බව පැවසේ.
ඒ සඳහා සිහිවටන ඵලකයක් පවා ඉදි කෙරෙමින් පවතින බවත්, විවෘත කිරීමේ උත්සවයට ද විශාල මුදලක් වැය කිරීමට යන බවද වාර්තා වේ.






















Source - lankanewsweb.com