Pages

Sunday, June 24, 2012

සනත් නියෝජ්‍ය ඇමතිකම එපා කියයි


නිෂාන්ත මුතුහෙට්ටිගම , ලක්ෂ්මන් වසන්ත පෙරේරා, සරත් වීරසේකර හා සනත් ජයසුරිය පසුගිය කාලයේ ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කරමින් දන්වා සිටියේ ඔවුන් වෙත නියෝජ්‍ය අමාත්‍යකමක් පිරිනමන ලෙසයි.

ජනතාවට වඩිපුර සේවය කිරීම සඳහා නියෝජ්‍ය ඇමති ධුරයක්වත් ඇත්තේ නම් වඩාත් හොඳ බව මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසූරිය මහතා ඒ ලිපිය මගින් දන්වා යවා තිබුණි.


මේ දිනවල සනත් ජනතාවට සේවය කිරීම කෙසේවෙතත් ඉන්දියාවේ රියලිටි වැඩසටහනකට සහභාගී වී නර්තනයේ යෙදෙන අතර ඒ අතරතුරම ජනපති වෙත ලිපියක් යොමු කරමින් තමා කලින් යොමු කල ලිපිය පිලිබඳ කණගාටුව පලකොට තිබේ.


එම ලිපියේ කරුණු පැහැදිලිකර ඇති සනත් ජයසුරිය, නියෝජ්‍ය ඇමතිකම් පිරිනමන්නේ ජනපතිවරයාට ලැබී ඇති බලතල ඔස්සේ හා ඔහුගේ කැමැත්ත මත බව තේරුම් ගත බවත් කලින් ඉල්ලු පරිදි නියෝජ්‍ය අමාත්‍යයකමක් අනවශ්‍යය බවත් සඳහන් කර ඇත.


තමා එය තවදුරටත් බලාපොරොත්තු නොවන බවද ඔහු ලිපියේ වැඩිදුර සඳහන් කොට ඇත.










Source: http://www.gossip9.com/2012/06/blog-post_6753.html#ixzz1yjUD0nLH