Pages

Monday, July 23, 2012

අළුත් Z Score නිකුත් කිරීම තවත් නාගැනීමක්ද ?


මහත් ආන්දෝලනයකට ලක් වූ z-ලකුණු අද දින වන විට ගණනය කිරීම් අවසන් කර තිබෙන බව වාර්තා වනවා.

මෙම නව ලකුණු වලට අනුව පැරණි විෂය නිර්දේශය ඔස්සේ විභාගයට පෙනී සිටි සිසුන් ශ්‍රේණිගත කිරීම් වලදී පහල ස්ථාන ලබාගෙන තිබීම දකින්නට ලැබෙනවා.
නැවත ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වූ හෙයින් නැවත විභාගයට පෙනී සිටිනවාද නැද්ද යන්න බොහෝ දෙනාට ගැටළුවක් වූ අතර විභාග ප්‍රතිඵල වෙනස් වූ නැවත විභාගයට පෙනී සිටීමට අවශ්‍යය සිදුන්ට සති දෙකක කාලයක් ඇතුලත දී අයදුම්පත් බාරදීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත.

බොහෝ සිසුන්ට මෙවර විභාගයට පෙනී සිටීමට අවශ්‍යයද යන්න දැනගැනීමට හැකි වුයේ ඊයේ දිනයේ නව z score නිකුත් වීමෙන් පසුව වන අතර ඔවුන්ට සති දෙකකින් විභාගයට අයදුම්කොට සුදානම් වන්නැයි කීම විහිළුවකි.

මේ අතර ඉසෙඩ් ලකුණු ප්‍රමාදය පිලිබඳ නොසලකා මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන නවක සිසුන් වෙනුවෙන් නායකත්ව පුහුණු පාඨමාලාව පවත්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙනුත් කිසිවක් නොදැන එම සිසුන් සඳහා ටී ෂර්ට්‌ හතළිස්‌ හතර දහසක්‌ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සූදානම් කොට ඇත.


ඔබගේ නව ප්‍රතිඵලය දෝෂ සහිතනම් / සැක සහිතනම් අප වෙත් දන්වන්න












Source: http://www.gossip9.com/2012/07/blog-post_8925.html#ixzz21QOh6UJg