Pages

Thursday, August 23, 2012

මුතුහෙට්ටිගමගේ හෝටලයේ ගෝන මස් කිලෝ 30ක්

ගාල්ල දිස්‌ත්‍රික්‌ එජනිස පාර්ලිමේන්තු මංත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ හෝටලයක තිබී ගෝන මස්‌ කිලෝ තිහක්‌ පොලීසිය සොයාගෙන තිබෙනවා.

උඩුගම නගරයේ පිහිටි එම සංචාරක හෝටලයක මුතුහෙට්ටිගම මංත්‍රීවරයා විසින් තම සමීපතමයකුට බදු දී තිබුණා.

මීට පෙරද ගෝන්නු මරාදැමීම පිළිබඳව ගාල්ල ප්‍රදේශයේ ජනතාව මුතුහෙට්ටිගම ට දැඩි අප්‍රසාද පළ කර තිබුණා.

ඒ පසුගිය අප්‍රේල් මාසයේ ගාල්ල ඕපාත රජවංගල ආරණ්‍යය භුමියේ සිටි ගොනෙකු පෝය දිනයක අලුයම් කාලයේ නීති විරෝධී අන්දමින් විදුලිසර වද්දා මරා දමා තිබීම නිසයි.

හිනිදුම ප්‍රදේශවාසින් මෙම ගෝන ඝාතනය සිදුවුයේ මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ අවුරුදු මස් අවශ්‍යතාවය සපිරීමට බවටයි චෝදනා කළේ.







Source: http://www.gossip9.com/2012/08/30.html#ixzz24Li75ULn