Pages

Monday, September 10, 2012

නිකවැරටිය මාගල්ලේ වැව් රක්ෂිතයේ ජොනීගේ හෝටලයක්

පසුගියදා පැවති ජන්දය නිසා දේශපාලන වේදිකාවේදී ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයන් වැව් ආශිත්‍රව ඉදිකරමින් පවතින අනවසර හෝටල් රාශියක් පිළිබඳ විස්තර එළියට ආවා.

බර්ටි ප්‍රේමලාල් කලා වැව් ඉස්මත්තේද, නාච්චාදූව වැවේ එස්.එම් චන්ද්‍රසේකර ද, මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලී ඩඩ්ලි පරාක්‍රම සමුද්‍රයේ ද, අර්ල් ගුණසේකර මින්නේරිය වැවේ ජල පෝෂක ප්‍රදේශයේ ද හෝටල් ඉදිකරමින් පවතිනවා.

මේ අතර වෙළඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ද නිකවැරටියේ මාගල්ලේ වැව් රක්ෂිතයට අයත් ඉඩමක ප්‍රාදේශීය ව්‍යාපාරිකයකු හා එක්ව අනවසරයෙන් සංචාරක හෝටලයක් හදමින් තිබෙන බව වාර්තා වෙනවා.

හෝටලයේ ඉදිකිරීම් භාරව සිටින්නේ ඇමති ජොන්ස්ටන්ගේ ලඟම හිතවතෙකි. මේ ඉදිකිරීම සම්බන්ධව ප්‍රාදේශීය ලේකම්වරයා හෝ, වාරිමාර්ග අධ්‍යක්ෂවරයා හෝ, පරිසර අධිකාරිය හෝ දැනුවත් කර නැහැ.







Source: http://www.gossip9.com/2012/09/blog-post_5840.html#ixzz2647jzmMD