Pages

Wednesday, November 14, 2012

පැල්මඩුල්ල සහ පාතකඩ පො‍ළව යට නිල් මැණික් නිධියක්



රත්නපුර, පැල්මඩුල්ල සහ පාතකඩ අවට ප්‍රදේශයේ පොළොව යටින් තත්වයෙන් ඉතා උසස් නිල් මැණික් සහති මැණික් නිධියක් ඇති බවට කරුණු අනාවරණය වෙමින් ඇතැයි ප්‍රවීන මැණික් විද්‍යාඥයෙකු වන රත්නපුරයේ දුනිල් පාලිත ගුණසේකර මහතා පවසයි. පසුගිය කාලයේ එම ප්‍රදේශයෙන් හමුවූ නිල් මැණික් ගණනාවක් නිරීක්ෂණය කිරීමෙන් ඒ බව පැහැදිලි වූ බව ද හෙතෙම සඳහන් කළේය.
පැල්මඩුල්ල අවට ප්‍රදේශයේ නිල් මැණික් නිධිය පෙළොව මතුපිට සිට දළ වශයෙන් අඩි 45 – 50 ක් ගැඹුරින් පිහිටා තිබෙන බවත්, එයින් හමුවන නිල් මැණික් කැට, පළවැනි තරමේ නිල් වර්ණය සහිත ඉතා පිරිසිදු , තරමක් විශාල ප්‍රමාණයේ මැණික් ගල් බව ද ඔහු කීවේය. මේ වන විට විවෘත වෙළඳ පොළේ ඉස්තරම් තත්වයේ නිල් මැණික් කැරට් 01 ක්, රුපියල් 80,000 ත් 120,000 ත් අතර මිලකට අලෙවි වෙතියි කියති. විශාල නිල් මැණික් බොහෝමයක් පසුගිය කාලයේ පැල්මඩුල්ල අවටින් හමුවූ විශාල ප්‍රමාණයේ නිල් මැණික් අතර වේ.

- ක්‍රිෂ්ණා විජේබණ්ඩාර / රංජිත් ඉලේපෙරුම - රත්නපුර



Source - http://lakbima.lk/index.php?option=com_content&view=article&id=4021:2012-11-13-07-24-49&catid=34:news&Itemid=62