Pages

Tuesday, November 13, 2012

හෙයාර් ඩයි විෂ වීමෙන් තවත් මරණයක්

කොණ්ඩය වර්ණ ගැන්වීමට ගන්නා ඩයි වර්ග විශවීමෙන් සිදුවූ තවත් මරණයක් වාර්තා වෙන්නේ අලව්ව ප්‍රදේශයෙන්.

මහව කයිකාවල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි ඇය අලව්වේ කැප්පටිවලානේ පිහිටි තම දියණියගේ නිවසට පැමිණ ඩයි ආලේප කර පැය 6 කට පසුව ස්නානය කිරීමෙන් පසුව සිහිසුන්ව ඇද වැටී මියගොස් තිබෙනවා.

මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබෙන්නේ කොණ්ඩය ඩයි කිරීමට යොදාගන ඇති ඩයි වල අසාත්මිකතාවය හේතුවෙන් හටගන්නා කම්පනය නිසා සිදුවූ මරණයක් බවයි.



පසුගිය මාර්තු මාසයේදීද හිසකෙස් ඩයි කිරීමට ගොස් ක්ලාන්තවී රෝහල් ගතකිරීමෙන් පසු මියගිය කාන්තාවක් පිළිබඳව මාතර රෝහලෙන් වාර්තා වුණා.

එලෙස මියගොස් තිබුනේ අකුරැස්ස අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශිකාවක් වූ, තෙලිජ්ජවිල කඩුකන්න ප්‍රදේශයේ ජීවත් වූ 56 හැවිරිදි ඉන්ද්‍රානි නම් කාන්තාවකි.

ප්‍රවීණ ගායිකා මාලනී බුලත්සිංහල මහත්මිය මිය ගියේද හිසකෙස් ඩයි කිරීමට ගොස් ක්ලාන්තවී නානකාමරයේ ඇදවැටීම හේතුවෙනි.

වැඩි ප්‍රතිපල බලාපොරොත්තුවෙන් ආලේප කිරීමෙන් පසු නෑමට පෙර වැඩි වේලාවක් ගත නොකර හෙයාර් ඩයි පැකට්ටුවේ සඳහන් උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් මෙවැනි අනතුරු අවම කරගත හැකිය.








Source: http://www.gossip9.com/2012/11/blog-post_9136.html#ixzz2C7XuSxFJ