Pages

Friday, April 20, 2012

ක්‍රිකට් වලට පහේ පහරක් ලංකාවෙන් යෝජනා වෙයි


කි‍්‍රකට් ක්‍‍්‍රීඩාවේ පහරක් මගින් ලබාගත හැක්කේ ලකුණු 01, 02, 03, 04 හා 06 ක් හා ලකුණු 05 ක් හිමිවන්නේ නිපන්දුවකට හෝ වයිඩ් පන්දුවකට ලකුණු හතරක් ලබා ගතහොත් පමණි.

නමුත් තනි පහරක් සඳහාද ලකුණු පහක් යෝජනා කල යුතු බව ශ්‍රී ලාංකිකයෙකු විසින් යෝජනා කර තිබේ.

රත්නසිරි නල්ලපෙරුම නම් මෙම යෝජනාව ඉදිරිපත් කරන මහතාගේ අදහස් වී ඇත්තේ පිටිය තුළ එක් වරක් පමණක් පතිත වී හතරේ සීමාවෙන් ඉවතට ඇදී යන හතරේ පහරවල් සඳහා ලකුණු 5ක් ලබා දිය යුතු බවයි. 

එසේ නොවුනහොත් පිතිකරුවන්ගේ හැකියාවන් හෑල්ලූවට ලක් වන බවට ඔහු මත පළ කර තිබේ. කෙසේ වෙතත් අදාළ යෝජනාව නිල වශයෙන් ඉදිරියේ දී ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය වෙත ලබා දීමට නියමිත ය.