Pages

Wednesday, July 25, 2012

උපන් හැටියේ මරා දමයි !


කාන්තාවක් තමන්ට  දරුවා ලද විගසම දරුවාගේ පෙකිනිවැල කඩා කුරිරු ලෙස මරා දැමීමේ  සිදුවීමක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 23හැවිරිදි සැකකාරිය යාපනය කෝපායිහී පදිංචිකාරියක් වන අතර 23දා ඇය බදුල්ල හෝටල් කාමරයක නවාතැන් ගෙන තිබේ.
උපන් මොහොතේම සියතින් දරුවා මරා දැමූ ඇය බිළිදු සිරුර නාන කාමරයෙන් පිටතට වීසිකොට ඇති බව වාර්තා වේ. සැකකාර කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන බදුල්ල රෝහලට ඇතුල් කොට තිබේ. බදුල්ල පොලීසිය පරීක්ෂණ  පවත්වයි.

සුමුදු ආරියවංශ

Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=797:2012-07-24-08-38-43&catid=1:2012-05-31-04-03-50&Itemid=71