Chitika Smowtion 468x60


Showing posts with label අනතුරු. Show all posts
Showing posts with label අනතුරු. Show all posts

Monday, December 31, 2012

කැමරාවේ සටහන්වූ මොස්කව් ගුවන් අනතුර

චෙක් රාජ්‍යයේ සිට මොස්කව් බලා එමින් තිබූ ජෙට් ජානයක් ඊයේ මාර්ගයකට කඩා වැටී තිබුනා.

එම මොහොතේ ගුවන් යානයේ 12 දෙනෙකු සිට ඇති අතර 4 දෙනෙකු මියගොස් තිබුනේ ගුවන් නියමුවන් දෙදෙනාද සමඟිනි.

එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහනය වූ කැමරාවක එය සටහන් වී තිබුනේ මෙසේය.

Sunday, December 30, 2012

චීනයේ සුපිරි වෙළඳසැලක මින්මැදුර පුපුරායාම - වීඩියෝ


චිනයේ දෙවන විශාලතම නගරයේ පිහිටි ෂැංහායි ඔරියන්ට් වෙළඳ සංකීර්ණයේ වූ විශාල මින්මැදුරක වීදුරුවක් පසුගියදා පුපුරා ගොස් තිබුණා.

ජලය සමඟ එළියට ආ මසුන් අතර මෝරුන් 3 දෙනෙකුද සිටි අතර අනතුරින් 16 දෙනෙකු පමණ තුවාල ලබා තිබූණා.

එම ටැංකියේ වීදුරුවේ ගනකම තිබී ඇත්තේ අඟල් 6කි. වීදුරුව බාල වර්ගයේ එකක් නිසා මෙම අනතුර සිදුවූ බවටයි විශ්වාස කරන්නේ.

ටැංකිය පුපුරා ගිය වීඩියෝව පහතින්.

Sunday, December 23, 2012

මාතලේ ගිලා බසී

මාතලේ දිස්ත්‍රික්කයට අයත් ගම්මාන කිහිපයක් මේ වනවිට ගිලාබැසීමේ අවදානමකට ලක්වී තිබෙනවා.

මේ වනවිට මාතලේ දුන්කොල වත්ත දොරකුඹුර ප්‍රදේශයේ අඩි 60ක් උස කොස් ගසක් හා කිතුල් ගසක් පොළොව යටට ගිලා බැස නොපෙනී ගොස් තිබෙන අතර එම නිසා අඩි 20ක හා 30ක විශ්කම්භයක් සහිත වලවල් දෙකක් සෑදී තිබේ.

එම වීඩියෝවක් හා ජායාරූප කිහිපයක් පහතින්.

Friday, December 7, 2012

ගැබ්බර කෙණරක් යකඩ යකාට බිලි


අලි බැලීමත් බලි බැලීමත් එපා නොවෙන දෙයක් ලෙස සිංහල ගැමියන් ප්‍රකාශ කලද මෙවන් සද්ධන්තයෙක් මෙලස අකාලයේ සුසානයේ වැතිර සිටිනු දැකීම පරිසරයට ලැදී ඕනෑම කෙනෙකුන්ගේ හදවත කම්පා කරවන කරුණකි

Monday, December 3, 2012

ලෝක බෞද්ධ උරුමය රැකගැනීමට තව ඇත්තේ දින ගණනකි !



ඇෆ්ගනිස්තානයේ Mes Aynak හි පිහිටි වසර 1,600ක් පැරණි බෞද්ධ විහාර සංකීර්ණයක් මෙම වසර අවසානයේදී තඔ පතලක් සඳහා චීන සමාගමකට පැවරීමට නියමිත පුවතක් මීට හරියටම මාස 2කට පෙර  හෙළිකල බව ඔබට මතක ඇති.

2001 වසරේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළ තලෙයිබානුවන්ට බැන බැන නොසිට ඇස් පනාපිට මෙම වසරේ දෙසැම්බර් මාසයේ අගදී විනාශ වී යාමට නියමිත මෙම ලෝක උරුම බෞද්ධ විහාර සංකීර්ණය රැකගැනීම අප කාගේත් යුතුකම බවයි එම ලිපියෙන් අප එහිදී මතක් කළේ.

මේ පිළිබඳව ලංකාවේ කිසිදු මාධ්‍යයක අවධානයක් යොමු නොවූ නමුත් එය වැලැක්වීම සඳහා වූ අන්තර්ජාල පෙත්සමට මේ වනවිට අත්සන් 65,426ක් ලැබී ඇති නමුත් තවත් 34,574 ක අවශ්‍යතාවයක් තිබෙනවා.



Thursday, November 22, 2012

මියගොස් ඇති බවට අන්තර්ජාලයට ගීතයක් එක්කර තිබූ ගායකයා සජීවීව ගයයි


ලයාන්විත කටහඬකින් ගැයුනු ගීත කිහිපයක් සමඟ එම ගීත ගායනා කරන ලද තිලින දුලාජ් නම් පුද්ගලයා යතුරු පැදි අනතුරකින් මිය ගොස් ඇති බවට මීට මාස 8කට පමන පෙර අන්තර්ජාලයට වීඩියෝවක් එක්වී තිබුණා

එම මෝටර් රථ අන්තුරේ ජායාරූපද එම වීඩියෝවෙහි දැක්වුණු නිසා ඔහු මෙම කටහඬ අයිති පුද්ගලයාගේ වියෝව ගැන බොහෝ දෙනෙකු කම්පා වී තිබුනා.

නමුත් එම ගීත ගැයූ සත්‍ය පුද්ගලයා මියගොස් නොමැති අතර ජනක ක්‍රිෂාන්ත නම් වන ඔහු ඊයේ ස්වාධීන රූපවාහිනියේ වෙනස වැඩසටහනට පැමින එම ගීතම සජීවීව ගයා තිබුණා.

මීට පෙර අන්තර්ජාලයට එක්වී තිබූ වීඩියෝව පහතින්.

Friday, November 16, 2012

කටට මැහුම් 10ක් දමන්න පිඟන් පහරක් වදී

සෙල්ලම් කරමින් සිටි බෝලය අල්ලපු වත්තට යාම නිසා එය රැගෙන ඒමට ගිය සිසුවෙකුට එම නිවැසියන් විසින් පිඟානකින් පහර දීම නිසා බරපතල තුවාල ලැබූ සිසුවා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කොට ඇත‍. පහර දීමෙන් තුවාල ලබා ඇත්තේ හික්කඩුව, තෙල්වත්ත, මලවැන්න ප්‍රදේශයේ පාසල් සිසුවෙකි. සිසුවා අම්බලන්ගොඩ පී ද එස්. කුලරත්න විදුහලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේ. මලින්ද වාසනා (15) නැමැත්තෙකි. දැනට සිසුවා බලපිටිය මූලික රෝහලේ 02 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුගේ කටට මැහුම් 10 ක් පමණ යොදා ඇතැයි ඔහු පවසයි.

Tuesday, November 13, 2012

හෙයාර් ඩයි විෂ වීමෙන් තවත් මරණයක්

කොණ්ඩය වර්ණ ගැන්වීමට ගන්නා ඩයි වර්ග විශවීමෙන් සිදුවූ තවත් මරණයක් වාර්තා වෙන්නේ අලව්ව ප්‍රදේශයෙන්.

මහව කයිකාවල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි ඇය අලව්වේ කැප්පටිවලානේ පිහිටි තම දියණියගේ නිවසට පැමිණ ඩයි ආලේප කර පැය 6 කට පසුව ස්නානය කිරීමෙන් පසුව සිහිසුන්ව ඇද වැටී මියගොස් තිබෙනවා.

මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබෙන්නේ කොණ්ඩය ඩයි කිරීමට යොදාගන ඇති ඩයි වල අසාත්මිකතාවය හේතුවෙන් හටගන්නා කම්පනය නිසා සිදුවූ මරණයක් බවයි.



Friday, November 9, 2012

කන්ටේනරයක් පෙරළී අයෙක් නසී


අද උදෑසන 9 .00 ට පමණ හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ සිදුවූ කන්ටේනර් රථ අනතුරින් එම කන්ටේනරය පෙරළී ගාලු පාර සම්පුර්ණයෙන්ම අවහිර වුනා. 

WP LY 0864 නමැති කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ මෙම කන්ටේනරය කිසියම් හේතුවක් මත පාරෙන් ඉවතට ධාවනය වී අසල කඩයක ගැටී පාර හරහා පෙරලි ඇති අතර අනතුරුව එහි රියදුරු සහ සහයක පලාගොස් ඇත.

මෙම අනතුරින් හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේම කඩයක හිමිකරුවෙකු වන සිල්වා මහතා කන්ටේනර් රථයේ බඳට යටවී මියගොස් ඇත.


එම අනතුරේ ජායාරූප එකතුවක් පහතින්.

Saturday, November 3, 2012

මොළය මියගිය රමණිගේ සිරුර යන්ත්‍රයෙන් ඉවත් කිරීමට පෙර පියා ඇයට වැඳ වැටෙයි


රමණි බර්තොලමියුස්ගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයේ නොලියවුණ කතාව !

අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව පුහුණුව ලැබූ අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර, අධිකරණ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ නිරත වී දැනට දශක තුනකි. දීර්ඝ කාලීන සේවා අත්දැකීම් ඇති ඔහු විසින් සිදුකරනු ලැබූ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණ ගණන 12,000කට අධිකය. ඒ අතර රටේ නම ගිය සුපතල අයගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණද ඇත. මීට පෙර අප විසින් ඉදිරිපත් කළ ගංගොඩවිල සෝම හිමි, ජනප්‍රිය නළු විජය කුමාරතුංග, හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස, හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක, ප්‍රවීණ නළු ගාමිණී ෆොන්සේකා, හිටපු අමාත්‍යවරයකු වන ගාමිණී දිසානායක යන අයගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණ සිදුකළේ අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකරය.

දක්ෂිණ අධිවේගී මාර්ගය නාය ගිය හැටි


දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හා වැලිපැන්න අතර කිලෝමිටර් (42.5L) කණුව ස්ථානය ආශ්‍රිතව ඊයේ දිනයේ නාය යාමකට ලක්වුවා. අඩි 25 ක් පමණ උස පස් කණ්ඩියක් ගාල්ල සිට කොට්ටාව බලා දිවෙන මංතිරුවට කඩාවැටී ඇති අතර කන්ද නායයාමට මද වෙලාවකට පෙර එම කන්ද පහත් වී විදුලි කණු පාරට පෙරළි ඇත. 

Friday, November 2, 2012

දක්ෂිණ අධිවේගී මාර්ගයට නඩු කීමට සැරසෙන සුබසිංහ මහතා


පසුගිය දිනයක තිඹිරිගස්යායේ පදිංචි සරත් සුබසිංහ මහතා ඇතුළු ඔහුගේ පවුලේ ඉඩවිය අධිවේගී මාර්ගය ඔස්සේ යමින් සිටියදී කහතුඩුව ගැලනිගම ප්‍රදේශයේදී අනතුරට ලක්විණි.

වැසි සහිත කාලගුණික තත්වය යටතේ සරත් සුබසිංහ මහතාට මෝටර් රථය පාලනය කිරීමට නොහැකි වී ඇති අතර එය ආරක්ෂක වැටෙහි වැදී ඇත. රථය අනතුරට පත්වන අවස්ථාවේ මෝටර් රථයෙහි මාස අටක බිලින්දෙකුද සිට ඇත.

Saturday, October 20, 2012

ගවමස් රස වැටුණ බලු රෑනක් මිනිසුන් පන්න පන්නා කති




ගවමස් කොටස් නැතිදාට පළාතේ එළු , වසු පැටවුන් මරා කෑමට පුරුදු වූ සුනඛයන් පනහකට අධික සංඛ්‍යාවක් මිනිසුන් ද පන්නා, පන්නා සපා කෑමට පටන් ගෙන තිබීම නිසා කැකිරාව, පුබ්බෝගම, බණ්ඩාරපොතාන ගම්මානයේ ජනතාව භීතියට පත් වී සිටිති. අද (19) දවසේ එගම බල්ලන් විසින් සපා කෑ පාසල් සිසුවකු ඇතුළු තිදෙනෙක් දඹුල්ල රෝහලට රැගෙන ආ අතර පාසල් සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇත. බණ්ඩාරපොතාන ප්‍රදේශයේ ගව ඝාතනාගාරයක් පවත්වා ගෙන යනු ලැබේ. එහි විසි කරනු ලබන ගවයින්ගේ මංශ කොටස් අනුභව කරන්නට පුරුදු වූ සුනඛයන් පනහකට අධික සංඛ්‍යාවක් ගව ඝාතනාගාරය වටා රොක් වී සිටිති.

Friday, October 19, 2012

අනතුර නිසා නැඟිටීමට නොහැකි ගවයා


ඊයේ සවස නාවින්න ආර්පිකෝ වෙලඳසැල අසල මාර්ගයේ ගමන්ගත් වාහනයක ගැටීම හේතුවෙන් ගවයෙකුගේ කකුල් දෙකක් දැඩි ලෙස තුවාල වුණා.

ඇවිදගැනීමට අපහසු එම ගවයා තවමත් ආර්පිකෝ වාහන නැවතුම ඇතුලත සිටින අතර අනතුර නිසා ගවයාගේ කකුලේ අස්ථියක් එලියට පැමිණ ඇති බවයි දුටුවන් පවසන්නේ.

මෙම ගවයාට උදව් කිරීමට හැකි කාරුණික අයෙකුගේ අවධානය පිණිස ගවයාගේ ජායාරූප දෙකක් පහත ඇත.

Sunday, October 14, 2012

ප්‍රතිජීවකයෙන් දැරිය මියගිය හැටි සොයා යයි




සෙප්රි ඇන්සෝන් ප්‍රතිජීවක ඖෂධය එන්නත් කිරීමෙන් පසු අසාත්මික වීමෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගිය ගාල්ල, හීන්පැන්දල, නවීෂා ජයෝදා නැමැති නව හැවිරිදි දැරියගේ හදිසි මරණය පිළිබඳ පරික්ෂණ පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් විසින් පාර්ශව තුනකින් සමන්විත විශේෂ පරීක්ෂක කණ්ඩායමක් හෙට ( 15) කොළඹ සිට ගාල්ල කරාපිටිය රෝහල බලා පිටත් කර හැරීමට නියමිතය.

Friday, October 12, 2012

මවගේ හිස අතට ගෙන විලාප දුන් තරුණිය

හැමෝම වීඩියෝ කර කර හිටියා උදව් කරන්න ආවේ නෑ

දුවත් සමඟ යතුරුපැදියකින් මීගමුව නගරයට ගමන් කරමින් සිටි මවක් පසුගියදා අනතුරට පත්වී තිබුණා.

මාර්ගයේ පැමිණි ටිපර් රථයක් ඔවුන් දෙදෙනා ගමන් කරමින් සිටි යතුරුපැදිය යට කරගන යෑමෙන් මවගේ හිස කඳින් වෙන්වී තිබුණා.

Sunday, October 7, 2012

පසුගිය මාස 4ට ලංකාවේ භූ කම්පන 7ක්

ලංකාව යනු භූ කම්පන, සුනාමි, ටොනේඩෝ වැනි ස්වාභාවික විපත් වලින් තොර මනරම් සුන්දර දේශයක් බව කුඩා කාලයේ අපේ පාසැල් පොත් වල සඳහන් විය.

එබැවින් එවැනි විපත් පිළිබඳව අධ්‍යාපනයක් ලාංකිකයන්ට නොවූ අතර සුනාමිය නිසා වැඩි විපතක් වූයේ එලෙස පෙර සූදානමක් තබා 
සුනාමියක් ගැන අසා හෝ නොතිබූ නිසාය.

2004 වසරේ සුනාමිය පැමිණීමට පෙර වෙරළබඩ පිහිටි අලියෙක් දිවගිය අයුරු දුටු කුඩා දැරියකට පාසලේදී ඉගැන්වූ දෙය සිහියට නැඟී සිය මවද සමඟ සුනාමිය පැමිණීමට පෙර මුහුදු වෙරළෙන් ඉවත්වූ බව එම කාලයේ විදෙස් පුවත් මඟින් වාර්තා වුණා.



Saturday, October 6, 2012

දුම්රියක හැපීමෙන් කිසිවෙකුට තුවාල නොවූ පුවක්පිටියේ අනතුර

පසුගියදා අවිස්සාවේල්ල කොළඹ කැළණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ලට නුදුරු පුවක්පිටිය දුම්රිය නැවතුම්පලට ආසන්නව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දුම්රියක් සහ මෝටර් රථයක් ගැටී තිබෙනවා.

මෙම අනතුරින් වාහනයට දැඩි අලාබ සිදුවී ඇති නමුත් වාසනාවකට මෙන් එහි ගමන් කරමින් සිටි දෙදෙනාගෙන් කිසිවෙකුටවත් කිසිම තුවාලයක්වත් සිදුවී නැත.

මීට පෙරද මම ස්ථානයේ අනතුරු කීපයක්ම සිදුවී තිබෙන නමුත් තවමත් බලධාරීන්ගේ අවධානය යොමු නැති අතර මෙම මාර්ගයේ තවත් මෙවැනි මාරක අනාරක්ෂිත් දුම්රිය හරස් මාර්ග කීපයක් පවතින නිසා ප්‍රදෙශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම අනාරක්ෂිත හරස් මාර්ග ආරක්ෂිත වන පරිදි වැඩ පිලිවලක් සකසා දෙන ලෙසයි

එම අන්තුරේ ජායාරූප කිහිපයක් පහතින්.

Thursday, September 27, 2012

මාධ්‍යයට වසන් වූ බ්ලේඩ් චොක්ලට් නිෂ්පාදක සමාගම

චොක්ලට් වර්ගයක බ්ලේඩ් තලයක් තිබී එය අනුභව කළ පුද්ගලයකුගේ සිරුර තුළට යෑමෙන් බරපතළ කැපීම් සහිත තුවාල ඇතිවී ම නිසා රෝහල්ගත කැර තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා තිබුනේ පාරිභෝගික අධිකාරියේ ප්‍රධාන පරිගණක නිලධාරියාය.

ඔහු පසුගිය 20 වනදා රාත්‍රියේ මිනුවන්ගොඩ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සලකින් චොක්ලට් එක මිලදී ගෙන තිබේ.

නිවසේ දී දරුවන්ට ද බෙදා ඔහුද ඉන් කොටසක් අනුභව කැර ඇත. එහි තිබූ බ්ලේඩ් තලය කැඩී ඉන් කොටසක් ගිලුන අතර ඉතිරි කොටස දත්වල රැඳී තිබේ. අනතුරුව ඔහු දැඩි වේදනාවට පත් කරමින් බ්ලේඩ් තලයේ කොටස් සිරුර පුරා ගමන් කර තිබේ.

Monday, September 17, 2012

තවත් ජංගම දුරකථනයක් කෑගල්ලේදී පුපුරා යයි

පසුගිය 13 වනදා ගල්ගමුවේ පුද්ගලයෙකුගේ සාක්කුවේ තිබී ජංගම දුරකථනයක් පිපිරී ගිය පුවතක් ජායාරූප සහිතව අප ඔබට ගෙන ආවා.

එයට ප්‍රතිචාරයක් වශයෙන් තවත් එවැනිම පුපුරා ගිය ජංගම දුරකතයක් පිලිබඳ තොරතුරු අපගේ පාඨකයෙකු අප වෙත යොමුකොට තිබෙනවා.


එය ZIGO වර්ගයේ දුරකතනයක් වන එය පුපුරාගොස් ඇත්තේ එහි බැටරිය නැවත ආරෝපණය කරන අවස්ථාවේදීය.

කෑගල්ලෙන් වාර්තා වූ පුපුරා ගිය ජංගම දුරකතනයේ ජයාරූප කිහිපයක් පහතින් බලන්න.

Share this article with your friends