මෙවර Miss Tourism Queen International -2012 තරඟය සඳහා ලංකාව නියෝජනය කරමින් චීනයේ බලා පිටත්ව ගියේ විනූ සිරිවර්ධන යි. චීනයේ නැන්ජින් නුවර නොවැම්බර් 15 වෙනිදා සිට පැවැත්වෙන එහි අවසන් තරඟය පැවැත්වෙන්නේ දෙසැම්බර් 4 වෙනිදාය.
පසුගිය වසරේ මේ සඳහා ලංකාව නියෝජනය කලේ පුෂ්පිකා සඳමාලි ය. මෙවර තරඟාවලිය අතරතුරේ ගත් ජායාරූප එකතුවක් පහතින්. මුල් ජායාරූප 6 හි විනූ සිරිවර්ධන සිටිනි දැකිය හැක.
Showing posts with label සංචාරක. Show all posts
Showing posts with label සංචාරක. Show all posts
Saturday, December 1, 2012
Thursday, November 29, 2012
ළමුන් 252ක් ලිංගික අපයෝජනය කළ එකෙක් ලංකාවට පනී !
ශ්‍රී ලංකාව යනු කුඩා දරුවන් ලිංගික අපයෝජනය කිරීමේ පාරාදීසයක් බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරනවා.මෙයට ආසන්නම හේතුව වන්නේ ළමා අපචාර 252 ක් සඳහා චෝදනා ලබා ඇති ඔස්ට්‍රේලියානු දේවගැති වරයෙක් වන 65 හැවිදිරි Bernard Kevin McGrath එරට නීතියෙන් බේරීම සඳහා ශ්‍රී ලංකාවට පැනවිත් සැඟවී සිටීමයි.
මේ වනවිට ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශයක තේ වත්තක් ආශ්‍රිතව ඇති නිවසක මෙම අපරාධකරු සැඟවී සිටින බවට ඔවුන්ට තොරතුරු ලැබී තිබෙන බවත් දැනට ශ්‍රී ලංකාවේ සිටින ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසීය මොහු පිළිබඳව විමසිල්ලෙන් පසු වන බවටත් වාර්තා වනවා.
එමෙන්ම තම තවත් ලමා අපචාර සංඛ්‍යාවකට චෝදනා ලැබ සිටින සොහොයුරාට ද ලංකාවට පැමිණෙන ලෙසට ද මොහු පවසා ඇත්තේ ශ්‍රී ලංකාවෙහි කිසිම ගැටළුවක් නොමැතිව ආරක්ෂාකාරී ලෙස සිටිය හැකි බව පවසමින්.
Friday, November 9, 2012
සුපර් මොඩල් තරඟාවලි 3ක ජායාරූප එකතුවක්
ලංකාවේ සුපර් මොඩල්, ඒෂියා සුපර් මොඩල් 2012, ඉන්ටර්නැෂනල් සුපර් මොඩල් 2012 යන තරඟාලි තුනේම ජායාරූප එකතුවක් පහතින් ඇත.
මෙහි මුල් ජායාරූප 20 හි ඇත්තේ ලංකාවේ පැවති තරඟයේදී ගලදාරී හෝටලයේ ගත් ජායාරූපයි. එම ජායාරූප වල අංක 5 නියෝජනය කරන චතුරිකා ආරියවංශ මේ දිනවල පිලිපීනයේ පැවැත්වෙන "Miss Earth 2012" සඳහා පිටත්ව ගොස් තිබෙනවා. රටවල් 88ක් නියෝජනය කරන මිස් ඒර්ත් තෝරන අතරතුරේ ගත් ඇයගේ වෙනම ජායාරූප එකතුක් පසුව ගෙන ඒමට අප වෙබ් අඩවිය බලාපොරොත්තු වේ.

ඒෂියන් සුපර් මොඩල් හා ඉන්ටර්නැෂනල් සුපර් මොඩල් තරඟ සඳහා ලංකාව නියෝජනය කිරීමට රූමතියන් තෝරන සුපර් මොඩල් තරඟය පසුගිය සැප්තැම්බර් මාසයේ කොළඹ ගලාදාරී හෝටලයේදී පැවැත්වුණා.
මෙහි මුල් ජායාරූප 20 හි ඇත්තේ ලංකාවේ පැවති තරඟයේදී ගලදාරී හෝටලයේ ගත් ජායාරූපයි. එම ජායාරූප වල අංක 5 නියෝජනය කරන චතුරිකා ආරියවංශ මේ දිනවල පිලිපීනයේ පැවැත්වෙන "Miss Earth 2012" සඳහා පිටත්ව ගොස් තිබෙනවා. රටවල් 88ක් නියෝජනය කරන මිස් ඒර්ත් තෝරන අතරතුරේ ගත් ඇයගේ වෙනම ජායාරූප එකතුක් පසුව ගෙන ඒමට අප වෙබ් අඩවිය බලාපොරොත්තු වේ.

ඒෂියන් සුපර් මොඩල් හා ඉන්ටර්නැෂනල් සුපර් මොඩල් තරඟ සඳහා ලංකාව නියෝජනය කිරීමට රූමතියන් තෝරන සුපර් මොඩල් තරඟය පසුගිය සැප්තැම්බර් මාසයේ කොළඹ ගලාදාරී හෝටලයේදී පැවැත්වුණා.
Saturday, November 3, 2012
දක්ෂිණ අධිවේගී මාර්ගය නාය ගිය හැටි

Tuesday, October 30, 2012
ගල් විහාරයේ පිළිම විනාශවීමේ අවදානමක
ජාතියේ ප්‍රෞඩත්වය ලොවට කියාපාන පොළොන්නරුවේ ගල් විහාරයේ පිළිම මේ වනවිට විනාශ වෙමින් පවතී.ගල් විහාරයේ මෙම ප්‍රතිමා ආරක්‌ෂා කිරීම සඳහා මෑතකදී තැනූ දුගී පියස්‌සේ වූ පාදම් කණු ඛාදනය වී අවපැහැ ගෙන තිබෙන අතර වහලයේද තැනින් තැන මලකඩ කා තිබෙනු දක්නට හැකිය.
දුර්වර්ණව මල කෑ සෙවිලි තහඩු අතරින් රූරා වැටෙන මලකඩ සහිත වැසි දිය පිළිම මතද වැටී එකතුවී ඇති අතර වසර දහස් ගනනක් අව්වට වේලෙමින් , වැස්සට තෙමෙමින් තිබූ පිළිම මෑත කාලයේ අව පැහැගැන්වී ඇත්තේ මලකඩ ඒ මතට වැටීම නිසාය
කැටයමින් යුතු විද්‍යාධර ගුහාවෙහි මුව දොර වසා ඉදිකළ යකඩ කූරු දැල මුළුමනින්ම මල කා දිරාපත්ව ගොස් ඇත. ගෙදරක බලු කූඩුවකට මීට වඩා සැලකිල්ලක් තිබේ. දිරාපත් යකඩ දැලෙහි කම්බි දරා සිටිනා ආධාරයක සවි වූ පුරාණ ගල් පුවරුවත් යකඩ මලින් දුර්වර්ණ වී ඇත
අලුත්වන කොළඹ ඉදිවන අහස සිඹින ගොඩනැගිලි
Ndocean Tower
ඉන්දියාවේ කොල්කටාවේ ඉන්දු ඕෂන් ඩිවලොපරස් සමාගම කොළඹ කොම්පඤඤවීදියේ බේරේ වැව ඉදිරිපිට මහල් 68 සුඛෝපභෝගී තට්ටු නිවාසයක් ඉදිකිරීමට යයි. 2016 දී වැඩ අවසන් වන මේ කුලුන ශ්‍රී ලාංකිකයන් නොවන විදේශිකයන් අය ඉලක්ක කෙරෙයි.
නාන තටාක, නැරඹුම් මැදිරි . ක්‍රීඩාගාර , ටෙනිස් පිටි ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත වෙයි. එහි 57 වැනි මහලේ හෙලිකොප්ටර් අංගනයකි.

ඉන්දියාවේ කොල්කටාවේ ඉන්දු ඕෂන් ඩිවලොපරස් සමාගම කොළඹ කොම්පඤඤවීදියේ බේරේ වැව ඉදිරිපිට මහල් 68 සුඛෝපභෝගී තට්ටු නිවාසයක් ඉදිකිරීමට යයි. 2016 දී වැඩ අවසන් වන මේ කුලුන ශ්‍රී ලාංකිකයන් නොවන විදේශිකයන් අය ඉලක්ක කෙරෙයි.
නාන තටාක, නැරඹුම් මැදිරි . ක්‍රීඩාගාර , ටෙනිස් පිටි ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත වෙයි. එහි 57 වැනි මහලේ හෙලිකොප්ටර් අංගනයකි.
Monday, October 29, 2012
ජනපති ඩුබායි ගිය ගුවන් යානයේ තිබූ දෝෂය හා ඉන්පසුව සිදුවූයේ කුමක්ද?
21 වැනිදා සවස 3 ට පමණ ජනාධිපතිවරයා ඩුබායි යාමට නියමිතව තිබූ UL 1207 යානයේ තිබූ දෝෂයක් නිසා එම ගමන ප්‍රමාදවූ බවට වාර්තා විය.ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් විසින් සොයාගත් එම දෝෂය පිළිබඳව මාධ්‍ය වාර්තා පල වුනේ මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවටත් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ගත් කුමන්ත්‍රණයක් බවටයි.
ඒ අනුව ගුවන් සේවා අමාත්‍ය ප්‍රියන්කර ජයරත්න විසින් පස් පුද්ගල කමිටුවක් පත් කළ අතර පරීක්ෂණ කිරීම සඳහා රහස් පොලීසියට නියෝග කළේය.
මෙම සිදුවීම ඊට පසුදින රිවිර පුවත්පත වාර්තා කර සිටියේ ...
Monday, October 22, 2012
ජාත්‍යන්තර රූ රැජින තරඟයේ 3 වන ස්ථානය ලංකාවට
පසුගිය දිනවල ජපානයේ පැවැත්වූ 52වැනි ජාත්‍යන්තර රූ රැජින තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මධූෂා මායාදුන්නේ සහභාගී වි සිටින පුවතක් හා එම තරඟයේ ජායාරූප එකතුවක් මීට පෙර අප ඔබට ගෙන ආවා.මීට ස්වල්ප මුහොතකට පෙර එහි අවසන් වටය පැවති අතර රටවල් 77 ක තරඟකාරියන් අතුරින් 2nd Runner-Up ලෙස කිරුල දරමින් තෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ මධූෂාට හැකි වුනා.
ජාත්‍යන්තර රූ රැජින ලෙස කිරුල පැළඳුවේ ජපානය නියෝජනය කළ ඉකුමි යුෂිමත්සු ය. අවසන් වටයේ වීඩියෝව, ජායාරූප එකතුවක් හා අනෙක් තරඟ ප්‍රතිපල පහත පරිදිය.
Saturday, October 6, 2012
ලාබෙට ගෙනා චියර් ලිඩර්ස් ලාගේ ඇත්ත කතාව

එම කරුණු සනාථ කරමින් මේ වනවිට ඇතැම් කරුණු හෙළිදරව් වී තිබේ. ලංකාවේ චියර් ලිඩර්ස් ලා වඩාත් හාස්‍යයට ලක් කලේ ඉන්දියාව විසිනි.
සමාජ ජාල වෙබ් අඩවි වල ඉන්දියාවේ ක්‍රිකට් ලෝලිහු ලංකාවේ චියර් ලිඩර්ස් ලාගේ ජායාරුප පල කරමින් සඳහන්කොට තිබුනේ "රාවණාට ඉන්දියාවේ සිටි සිතා පැහැරගෙන යාම සාධාරණ බවයි"
මෙම චියර් ලිඩර්ස් ලා යෙදවීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කව්රුන්ද?
Wednesday, July 25, 2012
ඇමේසන් වනයේ රහස් සොයා ගිය ගවේෂකයන්ගේ බිහිසුණු අත්දැකීම්
සුවහසක් කණාමැදිරියන්ගේ සිරුරු පිටුපස ඇති එළි පුංජ නිවි නිවී දැල්වෙයි. ඝනඅන්ධකාරයට වැසී ගිය හරිත නිරය තනිකරම ගුප්ත අපූර්ව ලෝකයක් බව එකී කණාමැදිරි එලි පුංජලෝකයට රහසේ මුමුනයි.
සමස්ත හරිත නිරය පුරාවටම තැනින් තැන දැල්වෙන අමුතු අමුතු එළි පුංජය. මේ එළි පුංජ උන් හිටි ගමන් කඩාවැටෙයි. හරියටම පාළු අහසක කඩා වැටෙන තරු කැකුළු සේමය. එහෙත් මේ එළිවලත් තරු වලත් වෙනසක් තිබේ. තරුව කඩාවැටෙන අතරතුරදීම දැවී අවසාන වෙයි. එහෙත් මේ අද්භූත ”තරු” පොළවටම පතිත වෙයි.
මේ තාරකා මොනවාදැයි දන්නේ මේ හරිත නිරය නම් වූ මහා වනමැද වෙසෙන ගෝත‍්‍රිකයකු හෝ මේ වනයේ ටික කලක් ජීවත්වූවකු හෝ පමණි. ඇත්තවශයෙන්ම ඒ තරු නොවේ. යෝධ රැ බදුල්ලන්ය.
කණාමැදිරියන්ට මෙන්ම රැ බදුල්ලන්ටද රාත‍්‍රියේ දැඩි අඳුර මකාගත හැකි තරම් මඳ ආලෝකයක් දෙවියන් දී තිබෙයි.
රැහැයියන්ගේ හඬ මහා ඝෝෂාවක් වැන්න. ඒ අතරට එකතුවූ සහසක් කෘමීන්ගේ පුංචි පුංචි හඬවලූත් මේ රාත‍්‍රියට එකතු වී තිබේ.
Subscribe to:
Posts (Atom)
