පසුගිය දිනක ජාතික පුවත්පතකවෙනස් ආකාරයේ පුවතක් පලවිය. රජයට සහය දක්වන පුවත්පතක් වන දිවයින පුවත්පතේ ජෝතිර්වේදියකු විසින් එවන ලද ලිපියක් මගින් පැහැදිලිකොට තිබුනේ ඩඩ්ලි සේනානායක මහතා යලි ඉපදී ඇති බවත් ඒ මහතා 2016 ශ්‍රී ලංකාවේ රාජ්‍යය නායකයා වනු ඇති බවය.
1974 දී රජරට ප්‍රදේශයේදී ඩඩ්ලි සේනානායක නැවත උපතලද ඇති බවත් දැන් වයස අවරුදු 39 ක් බවත් ඔහුගේ ඇති පුණ්‍ය මහිමයෙන් සියලු බාධා මැඩපවත්වා 2016 වසරේදී රාජ්‍ය නායකයා බවට පත්වී වසර 20 ක් දැහැමිව රට පාලනය කරන බව එම ලිපියෙන් දක්වා තිබුනේ ඉන්දියාවේ සෘෂි වරුන්ගේ නාඩි වාක්‍ය ඇසුරින් දැනගත් බව පවසමින්.
එමෙන්ම එම සෘෂිවරුන් විසින් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ පිළිබඳවද මෙසේ දැක්වෙයි
දෙසැම්බර් 21 වෙනිදා ලෝක විනාශයක් වෙයිද?
බොහෝ දෙනෙක් ඒ පිළිබඳව විමසා සිටින්නේ මායාවරුන්ගේ දීර්ඝතම කැලන්ඩරයේ දින වසර 5125.26 කට පසුව 2012 දෙසැම්බර් 21 වනදායින් අවසන් වීම නිසාය.
මායාවරුන්ගේ කැලන්ඩරය මෙන්ම ලෝක විනාශ හා බැඳුණු සංසිද්ධි ගනනාවක් පිළිබඳව පුවත්, වාර්තාමය වැඩසටහන්, චිත්‍රපට අන්තර්ජාලය පුරා පවතී.
ඒවායින් කියවෙන්නේ පහත කරුණු නිසා ලෝක විනාශයක් වන බවයි.
විස්සයි විස්ස තරඟාවලිය පැවැත්වෙන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට අද පස්වරු හතෙන් පසුව මිලිමීටර් 10 කට අඩු වර්ෂාපතනයක්.
තාරකා වල හා ග්‍රහලෝක වල පිහිටීම ඇසුරින් කාලගුණ අනාවැකි කිව හැකි ක්‍රමයක් පාසැල් සිසුවෙකු විසින් සොයාගන තිබෙනවා.
කුරුණෑගල මලියදේව විද්‍යාලයේ 11 වසරේ සිසුවෙකු වන ඔහු මාලින් ජයනාත් විජේරත්නයි.
තාරකා වල පිහිටීම නිරීක්ෂණය කල ඔහු ඒ ඇසුරින් වර්ෂාපතනය හා කාලගුණ අනාවැකි කිව හැකි ක්‍රමවේදයක් නිර්මාණය කල අතර ඒ සඳහා ජාතික විද්‍යා පදනම විසින් මෙම වසරේ පවත්වන ලද තරඟාවලියේදී ඔහු පලමු ස්ථානය දිනාගන තිබෙනවා.
"රටේ ඉදිරි දවස් 2,500 ගැන මටනම් හිතාගන්නවත් බෑ.සමෘද්ධිමත් වෙනවා"
වර්තමානයේ ජනාධිපතිතුමාගේ ඡ්‍යොතිෂ කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ද, ස්වාධීන රූපවාහිනී සේවයෙහි උපදේශකවරයකු ලෙස ද, ගාල්ල දිසා සමූපකාර රෝහලෙහි අධ්‍යක්ෂවරයකු ලෙස ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරන්නේ ප්‍රවීණ ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු සුමනදාස තිලක් අබේගුණවර්ධන මහතායි.
මෙම සති අන්තයේ පුවත්පතකට අදහස් දැක්වූ සුමනදාස අබේගුණවර්ධන මහතා ඔහුගේ නවතම සොයාගැනීමක් පිලිබඳ හෙලිදරව්කොට ඇත. එනම් පොත්පත් වල තිබු කරුණු අනුව යමින් දියසේන කුමරු ගැන සොයාබැලු විට ඔහුට දැනගැනීමට හැකිවී තිබෙන්නේ වත්මන් ජනපතිවරයා පහලවූ දියසෙන් කුමරු බවයි.
රනිල් වික්‍රමසිංහද මීන ලග්නය හිමි දේශපාලකයෙකි.
මීන ලග්න හිමියන්ට ඔක්තෝබර් 17 වන දින සිට මාසයක කාලයක් අහිතකර ප්‍රතිඵල ලබාදේ.
ලංකා කේන්ද්‍රයේ පුණ්‍ය ස්ථානය ලෙස සලකන 9 වන භාවයේ රවී, සඳු, බුධ, ශනී යන ග්‍රහයන් සිවු දෙනාම මාරක ස්ථාන වන අටවැන්නේ ගමන් කිරීම නිසා විරුද්ධ පක්ෂයේ නායකත්වය දරන මීන ලග්න හිමියෙකුට ඉතාමත් අසුබ ප්‍රතිඵල ගෙනදෙන කාලයකි. දරුණු අනතුරකට භාජනයවී මරණයට පත්වීමට පවා ඉඩ ඇත.
ඔක්තෝබර් 17 වන දින සිත වේදනාවට පත්වන සිදුවීමක් අසන්නට ලැබේ. මෙම කාලසීමාව ඔක්තෝබර් 17 වන දින පෙරවරු 5.51 සිට රාත්‍රී 8.20 දක්වා පවතින්නකි.
ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (07) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.
ඒ අනුව අද දින ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඉතා උණූසුම් හා තියුණු තරගයක් පැවැත්වෙනු ඇතැයි බොහෝ දෙනා විමසිල්ලෙන් බලා සිටිනවා.
සුපිරි අට වටයේ සිට අපරාජිත ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක තරගාවලියේ අවසන් මහා තරගයට පැමිණි දෙවැනි අවස්ථාව මෙය වේ. වසර 2009දී ශ්‍රී ලංකාවට අනු ශූරතාව හිමිවිය. කොදෙව් පිල අවසන් මහා තරගයට පිවිසි මුල්ම අවස්ථාව මෙය වූ අතර මෙවරතරගාවලියේ සුපිරි අට වටයේදී තරගයකින් පරාජයට පත්වී තරග දෙකක් ජය ගත්තේය.