Chitika Smowtion 468x60


Showing posts with label තාක්ෂණික. Show all posts
Showing posts with label තාක්ෂණික. Show all posts

Monday, February 4, 2013

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ගුගල් doodles වෙත එකතු වෙයි - Google doodles on Sri Lanka Independence day



ලොව අංක එකේ සෙවුම් යන්ත්‍රය වන ගුගල් සෙවුම් යන්ත්‍ර සේවාව විසින් පවත්වාගෙන යන doodles සේවාව ඔස්සේ ශ්‍රී ලංකාවේ 65 වන නිදහස සංකේතවත් කොට තිබේ. 

ලොව වටා සැමට (ශ්‍රී ලංකාවද ඇතුළුව) www.google.lk මගින් පිවිසෙන විටත්, ශ්‍රී ලංකාවෙන් www.google.com වෙත පිවිසෙන විටත් මෙය දර්ශනය වන ලෙස සකසා ඇත.
ගුගල් doodle යනු ගුගල් සෙවුම් යන්ත්‍රයේ සලකුණ වෙනුවට වැදගත් දිනයන් හා උත්සව අවස්තාවන් වලදී ගුගල් සලකුණ එයට ගැලපෙන ආකාරයෙන් සකස් කරන්නාවූ සේවාවකි. එහිදී අපට ගුගල් වෙත වැදගත් අවස්තාවන් දිනයන් පිලිබඳ යෝජනා කල හැකි අතර ඔවුන් ඒවා සලකා බලා එයට ගැලපෙන නිර්මාණයක් සිදුකොට doodles ලෙසින් අන්තර්ජාලයට මුදාහරිනු ලබයි.


Monday, November 26, 2012

කොරියානුවන්ගේ ජංගම දුරකථන මාෆියාවට ඔබත් අසුවුනාද ?

මාස කිහිපයක සිට ලංකාව පුරා සැරිසරමින් කොරියානු ජාතිකයන් කණ්ඩායම් කිහිපයක් Samsung S3, Sony Ericsson Xperia සහ තවත් බොහොමයක් ඉහල ඉල්ලුමක් පවතින ජංගම දුරකථන වර්ග විකුණන මුවාවෙන් තත්වයෙන් බාල ජංගම දුරකථන විකුණමින් සිටින බවට අපට වාර්තාවේ.

මෙම දුරකථන පෙනුමෙන් එක සමාන වන අතර දුරකථන පිලිබඳ හොඳ අවබෝදයක් නොමැති ඕනෑම කෙනෙක් මෙවැනි දුරකථන වලට රැවටේ. මෙලෙස විකුණනු ලබන දුරකථන තවත් එක් ව්‍යාජ චීන නිමවුමක් පමණක් වන අතර මාස කිහිපයක් වත් නිසිලෙස භාවිතා කල නොහැකි සේම බලාපොරෝත්තුවූ ක්‍රියාකරිත්වයක්ද නොමැත.



Friday, November 16, 2012

ලංකාවේ චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමට සැරසෙන අයුරු

සුප්‍රීම් සැට් සමාගම විසින් චන්ද්‍රිකා 3ක් යැවීමට බලාපොරොත්තු වන අතර එහි පළමු චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට ඇත්තේ තවත් දින 6ක් පමණයි.

එම චන්ද්‍රිකාව ගුවන්ගත කිරීම සඳහා වන රොකට්ටුව අද චීනයේ ෂින්චෑන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානය වෙත ගෙන එනු ලැබුවා.

එම අවස්ථාවේ හා චන්ද්‍රිකාවේ ජායාරූප එකතුවක් පහතින්.




සුප්‍රීම් සැට් සමාගම කක්ෂගත කිරීමට බලාපොරොත්තු වන චන්ද්‍රික තුනේ විස්තර පහත පරිදිය.

4G දුරකථන ජාල සඳහා සංඛ්‍යාතයන් වෙන්දේසි කෙරේ

4G හෙවත් LTE දුරකථන ජාල ආරම්භ කිරීම සදහා වන සංඛ්‍යාතයන් වෙන්දේසි කිරිමට විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව තීරණය කර තිබෙනවා.

4G දුරකථන ජාල ලබන වසරේ සිට වාණිජ මට්ටමින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් ඉදිරි මාස දෙක ඇතුලත මෙම වෙන්දේසිය ‍පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් විදුලි සංදේශ නියමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසනවා.



Wednesday, November 14, 2012

චන්ද්‍රිකා වැඩසටහනේ නිර්මාතෘ රෝහිත රාජපක්ෂයි

ලංකාවට අයත් චන්ද්‍රිකාව උඩුගුවනට යැවීමට තවත් ඇත්තේ දින 8ක් පමණයි.

එම චන්ද්‍රිකාව ගැනත්, 2015දී යැවීමට නියමිත චන්ද්‍රිකාව ගැනත්, ඒවායේ චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානය ගැනත්, කොග්ගල ඉදිකිරීමට යන අභ්‍යාවකාශ ගගනගාමීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය ගැනත් ලිපි ගනනාවක් 
අප වෙබ් අඩවිය ඔබට ගෙන ආවා.

ජනපති බාලම පුත් රෝහිත රාජපක්ෂ ලංකාවෙ ප්‍රථම ගගනගාමියා වීමට යන බවටත් පුවත් ගනනාවක් ගෙන ආවත් මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීම හා අභ්‍යාවකාශ පුහුණු මධ්‍යස්ථානයට ඔහුගේ ඇති සම්බන්ධයක් මෙතෙක් වාර්තා වුනේ නැහැ.

නමුත් මේ සියල්ලගේම නිර්මාතෘ වන්නේ ජනපති බාලම පුත් රෝහිත රාජපක්ෂයි. මේ සියල්ල පිළිබඳව අභ්‍යාවකාශ ඉංජිනේරු රෝහිත රාජපක්ෂයි හෙළිකර සිටින්නේ මෙලෙසින්.



Saturday, November 10, 2012

LCD තිරයක් සහිත මාස්ටර් ක්‍රෙඩිට් කාඩ්පත් ඉදිරියේදී

මාස්ටර් ක්‍රෙඩිඩ් කාඩ් සමාගම විසින් LCD තිරයක් සහිත නව කාඩ් පතක් පසුගියදා හඳුන්වා දී තිබෙනවා.

මෙම නව කාඩ්පතේ ස්මාට් ෆෝන් එකක මෙන් ඔන්/ඕෆ් කිරීමේ බොත්තමක් හා ස්පර්ශක යතුරු පුවරුවක්ද තිබෙන අතර එමඟින් මීට පෙර කර ගනුදෙණු වල විස්තර, නවතම ශේෂය, පාරිභෝගික ලකුණු ආදියද බලාගැනීමට හැකිය.

අන්තර්ජාල ගනුදෙණු සඳහා යොදාගන්නා සිකියුරිටි ටෝකන් එකේ රහසිගත අංකයද කාඩ්පත මඟින්ම බලාගත හැකිය. මෙම නව කාඩ්පත දැනටමත් සිංගප්පුරුව ට හඳුන්වා දී තිබේ.



Thursday, November 8, 2012

පසුගිය දිනවල ලෝ පුරා වාර්තා වූ හඳුනා නොගත් පියාසර වස්තූන්

හඳුනා නොගත් පියාසර යානා හා රාත්‍රී කාලයේ අද්භූත එළි දර්ශනය වීම් දිනපතා වොෂින්ටනයේ පිහිටි හඳුනා නොගත් පියාසර වස්තූන් ගවේශන මධ්‍යස්ථානය වෙත (National UFO Reporting Centre) වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවේද වාර්තා වූ එවන් සිදුවීම් කිහිපයක් ඔවුන්ගේ වෙබ් අඩවියේ සටහන්වී ඇති අතර එවන් සිද්ධීන් 10ක් පහතින්. ( Colombo | Hingurakgoda | Mount Lavinia | Kaduruwela 1 | Kaduwela 2 | Athrugiriya | Trincomalee | Polonnaruwa 1 |Polonnaruwa 2 | Polonnaruwa 3)

එක් එක් වසරේ ඒ ඒ මාසයේ වාර්තා වූ සිදුවීම් එහි බලාගත හැකි නමුත් එවැනි අවස්ථාවන් ජායාරූපයට හෝ වීඩියෝවට නැඟෙන්නේ කලාතුරකින්.

ආයේ අලුත් ගුවන්විදුලි නාළිකාවලට දෙන්න තරංග නැහැ.

පසුගියදා ගුවන් විදුලි නාළිකා සඳහා නව තරංග සංඛ්‍යාතයන් හඳුන්වා දීමෙන් පසු නැවත අලුතින් ගුවන් විදුලි නාලිකා ආරම්භ කළ නොහැකි බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා.

මේ අනුව අලුත් රේඩියෝ නාලිකාවක් සඳහා ඉඩක් ලැබෙන්නේ තිබෙන නාළිකාවක් අවලංගු වුවහොත් පමණි.

කෙසේ වුවද දේශලන සබඳතා සහිත මාධ්‍ය ජාලයයකට ඔවුන්ගේ දිගු කලක් වසා දමා තිබූ නාලිකාවක් සඳහා මෙම ක්‍රමය ඇතිවීමට පෙර හදිසියේ ඉඩ ලබාගැනීමට හැකි වුණා.

Tuesday, October 30, 2012

ගුවන් විදුලි නාලිකාවල සංඛ්‍යාත වෙනස් වන්නේ මෙහෙමයි



ගුවන් විදුලි නාලිකා රට වටා විකාශය කිරීමේදී භාවිතා කරන විවිධ සංඛ්‍යාත වෙනුවට එක නාලිකාවක් සඳහා දිවයිනටම එකම සංඛ්‍යාතයක් ලබාදීමට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇති බව මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත ගෙන ආවා.

සංඛ්‍යාත 87 සිට 107 දක්වා පරාසය තුල දැනට ගුවන්විදුලි නාලිකා 43 ක් ක්‍රියාත්මක වන අතර එම හේතුවෙන් ඇතැම් පළාත්වලට කිසිදු නාලිකාවක් හරියාකාරව ශ්‍රවනයනොවීම මෙයට හේතුව ලෙස සඳහන් කොට තිබෙනවා.

Monday, October 22, 2012

සූර්යයන් 4 දෙනෙකුගෙන් යුත් ග්‍රහලොවක් සොයාගනී.


සූර්යයන් 4 දෙනෙකුගෙන් යුත් ග්‍රහලොවක් පසුගියදා සොයාගන තිබෙනවා.

එම ග්‍රහලොව වටා සූර්යයන් දෙදෙනෙකු බ්‍රමණය වන අතර ග්‍රහලෝකද තවත් සූර්යයන් දෙදෙනෙකු වටා බ්‍රමණය වීම මෙහි ඇති විශේෂත්වයයි.

සුර්යයන් දෙදෙනෙකු වටා බ්‍රමණය වන ග්‍රහලෝක මේ වනවිට 6ක් පමණ සොයාගන ඇතත් ග්‍රහලෝකයක් වටා සූර්යයෙක් භ්‍රමණය වන අවස්ථාවක් සොයාගත් පළමු අවස්ථාව මෙයයි.

පෘතුවිය මෙන් 6 ගුණයක් විශාල වන එම ග්‍රහලෝකට PH1 ලෙස නම් කර ඇති අතර එය පිහිටා තිබෙන්නේ ආලෝක වර්ෂ 3,200ක දුරිනි.

Dish TV ඉදිරියේදී ලංකාවට

ඉන්දියාවේ විශාලතම චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා විකාශයන් ලබාදෙන ආයතනයක් වන Dish TV ආයතනය ලංකාවේද ව්‍යාපාර ආරම්භ කිරීමට සූදානම් වෙනවා.

ඒ සඳහා ඔවුන් 
ඉන්දියන් රු. මිලියන 700ක් (ලංකාවේ රුපියල් බිලියන 1.7ක් පමණ) ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන්නේ ලංකාවේ SAT NET (Pvt) Ltd ආයතනය හා සහයෝගීතා ගිවිසුමක් සමඟයි. එම ආයතනය මීට පෙර හඳුන්වනු ලැබුවේ Star TV Lanka Pvt. Ltd ලෙසයි 

සැට් නෙට් ලංකා ආයතනයේ සභාපති වන්නේ රාජ්‍ය ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් හුලුගල්ල මහතාය.


මෙම ව්‍යාපාර කටයුතු වලින් 70%ක අයිතිය ඩිෂ් ටී.වී ලංකා තබාගන්නා අතර ඉතිරිය අයත් වන්නේ සැට් නෙට් ලංකා ආයතනටයි. සැට් නෙට් ලංකා ආයතනය Dish TV ලංකා ආයතනය හා එක්ව ලංකාවේ විකාශන කටයුතු සඳහා අවසර ලබාගන ඇත්තේ පසුගිය අප්‍රේල් 25වනදාය.

ලංකාවට අයත් ප්‍රථම චන්ද්‍රිකාව නොවැම්බර් 22 වෙනිදා කක්ෂගත කෙරේ

ලංකාවට අයත් චන්ද්‍රිකාවක් 2015 දෙසැම්බර් මාසයේ කක්ෂගත කිරීමට නියමිත බව මීට පෙර ලිපි කිහිපයක් මඟින් අප ඔබ වෙත ගෙන එනු ලැබුවා.

2015 දෙසැම්බර් මාසයේ කක්ෂගත කිරීමට නියමිත එම චන්ද්‍රිකාවට අමතරව ලංකාවට අයත් තවත් චන්ද්‍රිකාවක් ලබන මාසයේ 22 වෙනිදා ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.30ට අභ්‍යාවකාශගත කිරීමට නියමිතයි.

චීනය සතුව චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථාන හතරක් තිබෙන අතර මෙම චන්ද්‍රිකාව උඩුගුවනට යවන්නේ ෂින්චෑන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයේ සිටයි.

රොකට්ටුවක් මාර්ගයෙන් උඩුගුවනට යවන එය 87.5 භූ ස්ථායි කක්ෂයේ (87.5E) රඳවා මිනිත්තු හතකට පසුව ශ්‍රී ලාංකීය මුහුදු තීරයට ඉහල අහසේ කක්ෂගත කිරීමට නියමිතය.



Saturday, October 20, 2012

ගුගල් සේවාවන්ට පණ දෙන ගුගල් දත්ත මධ්‍යස්ථාන


ගුගල් යනු ඔබ බොහෝ දෙනා අතර ජනප්‍රිය අන්තර්ජාලයේ ලොව පුරා මිලියන ගණනක් භාවිතා කරන අන්තර්ජාල සේවාවන් ලබාදෙන සමාගමකි.

ගුගල් සෙවුම් යන්ත්‍රය, යු ටියුබ්, බ්ලොගර්, ගුගල් ප්ලස් ඔවුන්ගේ වඩාත් ජනප්‍රිය සේවාවන් වේ. 


මෙම සියලු සේවාවන් ක්ෂණික ලොව පුරා මිලියන ගණනක් අන්තර්ජාල පරිශීලකයන් වෙත ලබාදීම සඳහා ගුගල් විසින් ලොව පුරා දත්ත මධ්‍යස්ත්නා අටක් පවත්වාගෙන යනු ලබනවා. 

මෙම දත්ත මධ්‍යස්ථාන ෆින්ලන්තය, බෙල්ජියම ඇතුළු රටවල් කිහිපයක පවත්වාගෙන යන අතර නව දත්ත මධ්‍යස්ථාන චිලි, හොම්ග්කොන් , සිංගප්පුරුව , තායිවානය වැනි රටවල ඉදි කිරීමට නියමිතයි.

Saturday, October 13, 2012

තවත් දියමන්ති ග්‍රහලොවක් සොයාගනී

දියමන්ති ග්‍රහලොවක් සොයාගැනීමට නික්කු මධුසුදන් නම් ඉන්දියානු ජාතික තාරකා විද්‍යාඥයෙකුට හැකිවී තිබෙනවා.

පෘතුවියේ සිය පියවි ඇසින් දර්ශනය වන මෙම ග්‍රහලෝකය දුරදක්නයක් මඟින් හොඳින් නිරීක්ෂනය කල හැකිය.

කටක තාරකා රාශියේ පිහිටා ඇති මෙම ග්‍රහලොව පෘතුවියේ අරය මෙන් දෙගුණයක් විශාලය. බරින් පෘතුවිය මෙන් අට ගුණයකි. පෘතුවියට ආලෝක වර්ෂ 40ක් පමණ ඈතින් පිහිටා තිබේ.



Sunday, September 9, 2012

හොල්මන් ඡායාරූපකරණ මිත්‍යාවෙන් ඔබ්බට (දෙවන කොටස)


පසුගියදා ‘හොල්මන් ඡායාරූපකරණ මිත්‍යාවෙන් ඔබ්බට’නම් ලිපියක් මගින් ජායාරුප තුලින් මතුවූ අත්භූත තත්වයන් නිර්මාණය වූ ආකාරය ප්‍රවීන ජායාරුප ශිල්පි ඉන්ද්‍රනාත තේනුවර මහතාගේ විග්‍රහයන් ඇසුරින් පැහැදිලි කරනු ලැබුවා.

නමුත් දිවයින පුවත්පතේ පළවූ "හොල්මන් ජායාරුපය" පිලිබඳ සම්පුර්ණ විග්‍රහය එහිදී පල නොවූ අතර එම හේතුවෙන් එම ලිපියට පිළිතුරු ලිපි අප වෙත ලැබුනේ එම ජායාරුපය ව්‍යාජ එකක් බව සනාථ කරමින්.

අපගේ ඉල්ලීමකට අනුව දිවයින පුවත්පතට සැපයු "හොල්මන් ජායාරුපය" පිලිබඳ සම්පුර්ණ විග්‍රහය ඉන්ද්‍රනාත් තේනුවර මහතා විසින් අප වෙත ලබාදී ඇති අතර පහතින් පලවන්නේ පසුගිය ලිපියේ පල නොවූ කොටසය.

Share this article with your friends