Chitika Smowtion 468x60


Showing posts with label ආර්ථික. Show all posts
Showing posts with label ආර්ථික. Show all posts

Monday, January 28, 2013

එකක් බදු රහිතව රු. කෝටි 3.8 පමණ වන රෝල්ස් රොයිස් කාර් 50 ක් ලංකාවට? (50 Rolls Royce to Sri Lanka?)


ශ්‍රී ලංකාවට ගෙන්වන ලද නවතම රෝල්ස් රෝයි රථයයි මේ. අප වෙත තොරතුරු ලබාදෙන පාර්ශවයක් මෙම ජායාරූප එවන ලදී.

ඔහු පවසන පරිදි මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා පැමිණෙන ප්‍රභූන්ගේ භාවිතය සඳහා ගෙන්වා තිබෙන අතර තවත් මෙවැනිම රෝල්ස් රෝයි රථ 50 ඉදිරියේදී ගෙන්වීමට නියමිතය.

එහෙත් අප කල සොයාබැලීමකදී තවත් පාර්ශවයක් හෙළිකර සිටියේ මෙය "ප්රෙස්ටිජි" නම් ආයතනය සිදුකල පෞද්ගලික අනයනයක් බවයි.

එහි කිසියම් සත්‍යතාවයක් පැවතිය හැකිය . මෙවැනි රථ එංගලන්ත රැජින
වත් භාවිතා නොකරන අතර 2011 වසරේ ඔස්ට්‍රලියාවේ පැවතී පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවවේදීද රැජින සඳහා භාවිතා කරන ලද්දේ රේන්ජ් රෝවර් රථයකි.


Monday, January 21, 2013

විරෝධතා නිසා Nolimit මාසික පාඩුව ලක්‍ෂ 53යි


අන්තර්ජාල හා අනෙකුත් දැනුවත්කිරීම් ඔස්සේ "නෝ ලිමිට්" ආයතනයට එරෙහිව ගෙන යන විරෝධතා රැල්ල හේතුවෙන් ඔවුනට මාසිකව මාසිකව රුපියල් ලක්‍ෂ 53ක් පාඩු සිදුවී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට නෝ ලිමිට් ආයතනයේ මුලු ආදායම 30%කින් හෙවත් රු. කෝටි 300කින් අඩුවී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මේ අතර පසුගිය දින වල දෙමටගොඩ ප්‍රදේශයේදී සිංහල රාවය සංවිධානය විසින් අත් පත්‍රිකා රැසක් ජනතාව අතර බෙදා හැර තිබුනේ නෝ ලිමිට් ආයතනයෙන් මිලදී ගැනීම් නොකරන ලෙසයි.

එම අත් පත්‍රිකාවට විරුද්ධව දෙමටගොඩ නෝ ලිමිට් ශාඛාව විසින් සිංහල රාවය ජාතික සංවිධානයේ භික්ෂූන් වහන්සේට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබුනේ තමන්ට පාඩු වන එම මුදල සිංහල රාවය ජාතික සංවිධානයෙන් අයකර දෙන ලෙස ඉල්ලමිනි.

ධාන්‍යය වලින් දේශීය බිස්කට් හැදු ව්‍යාපාරිකයා පැහැර ගනියි


දේශීය ධාන්‍ය ඇසුරින් බිස්කට් නිර්මාණයේ ඉතිහාසය 
මහව බලල්ලේ පදිංචි අජිත් දසනායක මහතා ගේ පියා පාරම්පරික බේකරි කරුවෙකි. සිය පියාගේ වියෝවෙන් පසුව බේකරියේ පාලනය සියතට ගන්න අජිත් මහතා සහල් පිටි වලින් විස්කෝතු සෑදීමට ආරම්භ කරනු ලබන්නේ 1990 දීය. නමුත් එය අසාර්ථක වී ඇත්තේ සහල් පිටි එකතු කල විට තිරිඟු පිටි මෝලිය පට්ටයක් ලෙසට සවිවීමෙනි.

ඉන්පසු ඔහු ප්‍රදේශයේ වැව් වලින් බහුලව කඩා ගත හැකි ඕලු ඇට පිටි කොට ඒවා සහල් පිටි වලට මිශ්‍ර කොට විස්කෝතු සෑදීමේ ක්‍රියාවලිය දියුණු කරලිමට හැකි දැයි අත්හදා බලා ඇත. 


Sunday, January 13, 2013

මම රුපියල් හැට හැත්තදාහේ සාරි උස්සලා තියෙනවා.


 ශිවන්තිගෙ ගෑනු කල්ලියේ 'සුද්දි' 'මව්බිම පුවත්පත සමග පැවැත් වූ සම්මුඛ සාකච්චාව

• නම මොකක්ද? මගේ ඇත්ත නම නම් වෙන එකක් හැබැයි ෆීල්ඩ් එකේ කියන්නෙ 'සුද්දි' කියලා.

  • මමත් ඔයාට 'සුද්දි' කිව්වට කමක් නැද්ද?
කමක් නෑ. හැබැයි මහත්තයෝ මගේ ෆොටෝ නම් ගන්න එපා.දැනටමත් මාව පොලිසියෙන් හොයනවා.

• බය නැද්ද?

Wednesday, January 9, 2013

ලොරි කූඩුවට රු.30,000 ක බද්දක් අය කිරීමට විරෝධය පෑවාට ගුටි


කුඩා ලොරි පිටුපස සවිකර ඇති කූඩුව සඳහා රු. 30,000 ක බද්දක් අය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

වාහනයක ලියාපදිංචි ගාස්තුව මෙන් 3 ගුණයක් පසුපස කොටසේ වහලය සඳහා අයකිරීමට විරෝධය පා නාරම්මල ප්‍රදේශයේදී ඊයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වා තිබුණා.

ඒ වයඹ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමය විසිනි.

මෙම උද්ඝෝෂණය සඳහා කුඩා ලොරි (ඩිමෝ බට්ටා) 500ක් පමණ නගරය ගෙනැවිත් තිබූ අතර රියදුරන් හා ලොරි හිමියන් විශාල ප්‍රමාණයක් සහභාගී වී තිබුණා.

Tuesday, January 8, 2013

ආදාහන, ඔප්පු, උප්පැන්න හා මරණ සහතික ගාස්තුත් වැඩි කෙරේ

මාසික ආදායම 50,000 වැඩි නම් 2%ක බද්දක්

මෙතෙක් කලක් අය කළ විවාහ ලියපදිංචි කිරීමේ ගාස්තුව වැඩි කල පුවතක් මීට පෙර අප ඔබට ගෙන ආවා.

එමෙන්ම මල සිරුරක් ආදාහනය කිරීමේ ගාස්තුවද රු. 2,000 කින් වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.


එමෙන්ම උපතේ සිට විපත දක්වාත්, භුමියේ හිමිකම් පිලිබඳ ඔප්පු තිරප්පු වල පිටපතක් ලබාගැනීමේදීත් තිබූ නොමිලේ සැපයූ හා අඩු මුදලට සැපයූ සේවාද ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා 100%කටත් වඩා ගාස්තු අය කෙරෙන අතර මෙතෙක් කලක් නොමිලේ ඔප්පුවක් ලියාපදිංචි කිරීමට අවශාව තිබූ නමුත් පසුගියදා සිට ඒ සඳහා රු. 100/-ක් අය කෙරේ.

Monday, January 7, 2013

ගෑස් මිල 150කින් නඟී (Sri Lanka - Gas Price Increased)

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු 150කින් වැඩිකිරීමට රජය අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව නව ගෑස් සිලින්ඩරයක මිල රු. 2,396කි

Friday, January 4, 2013

සුපර්මාර්කට් ටැක්ස් එක නිසා භාණ්ඩ මිල ඉහල යෑමක් ඉදිරියේදී (Supermarket Tax)

සුපිරි වෙලඳසැල් ඇතුලු තොග හා සිල්ලර වෙලඳසැල් සඳහා මෙතෙක් පැනවී තිබුනේ ජාතිය ගොඩ නැඟීමේ බද්ද පමණකි.

නමුත් 2013 වසර සඳහා ඉදිරිපත් කල අය-වැය මඟින් තොග හා සිල්ලර වෙලඳාම් වලට "අගය මත එකතු කළ බද්ද" හෙවත් "වැට් බද්ද" ද එකතුකර තිබෙනවා.

ඒ කාර්තුවකට මිලියන 500කට වඩා ආදායමක් (ලාභයක් නොව ආදායමක්) ලබන වෙලඳ සැල් සඳහාය.

මේ අනුව කාර්තුවට මිලියන 500 කට වැඩි ආදායම් ලබන වෙලදසල් සඳහා පනවනු ලද බද්දක් නිසා මෙම බද්දට හසු වීමේ ප්‍රධාන ඉලක්ක වන්නේ සුපිරි වෙලඳසල් බව පැහැදිලිය. 


මෙය 2013 අය වැයේ අන්තර්ගත විශාලම බද්දක් වන අතර මෙයින් බිලියන 5ක පමණ ආදායමක් රජය විසින් බලාපොරොත්තු වෙයි.

Thursday, January 3, 2013

ප්‍රභාකරන් මිය ගිය ස්ථානයේ හෝටලයක්


NandikadalHotel_600px_12_12_31එල්.ටි.ටි.ඊ. සංවිධානය සමග අවසන් සටන සිදුවූ, මුල්ලිවායික්කාල් ප්‍රදේශයේ කලපුව ආසන්නයේ ‘ලැගූන් ඒජ්’ නමින් සුභෝපභෝගී නිවාඩු නිකේතයක් විවෘත කර ඇත. මෙය ප්‍රභාකරන් මියගිය ස්ථානය බවත්, මෙම ස්ථානයේ විවේකය ගත කරමින් එක් දිනක් රැඳී සිටීමට රුපියල් 15,000 ක් අය කරන බවත් දක්වා සිංහල මාධ්‍ය ජාතික පුවත්පතක දැන්වීම් වාර්තාවක් පලකර ඇත.

දේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් මෙම දැන්වීම පළකර තිබේ.
එම හෝටලය ජීවිතයේ එක්වරක් අත්විඳිය යුතු අත්දැකීමක් ලෙස වර්ණනා කරමින් එකී දැන්වීම් ලිපිය පළකරන එම පුවත, දහස් ගණනක් යුධ විරුවන්, ත්‍රස්තවාදීන් සහ අනෙකුත් අය මියගිය ස්ථානයේ පිහිටි මෙම නිවාඩු නිකේතනය සම්පූර්ණයෙන්ම තේක්ක ලීයෙන් ඉදිකර ඇති බවත්, එසේම සියලු උත්සව අවස්ථා සඳහාද කදිම බවත් සඳහන් කර ඇත. එම ලිපිය මගින් “ප්‍රභාකරන් මැරුණු නන්දිකඩාල් කලපුවේ 15,000 ($100) ගෙවලා රැයක් ඉන්න කැමතිද ?” යනුවෙන් පාඨකයින්ගෙන් විමසා සිටියි.

Tuesday, January 1, 2013

බ්‍රෝඩ්බෑන්ඩ් බද්ද 50% කින් පහළට


අන්තර්ජාල සේවා (බ්‍රෝඩ්බෑන්ඩ්) සඳහා මේ දක්වා අයකළ බද්ද අද (01) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි 50%
කින් පහත හෙළීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇත.

අන්තර්ජාල සම්බන්ධතා සහ ඒ ආශ්‍රිත සේවාවන් වඩාත් පුළුල් කිරීමේ අරමුණින් මේ තීරණය ගෙන ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා අයකළ 20% ක බදු ප්‍රතිශතය අද සිට ක්‍රියාත්මක වන පරිදි 10% දක්වා පහත වැටෙන බවද එමඟින් අදාළ සේවාවන් වලට ගෙවීමට සිදුවන මුදල දෙගුණයකින් පමණ අවම වන බවද ඒ මහතා සඳහන් කරයි.


Thursday, November 29, 2012

නාවික හමුදාවට බලෙන් ඇඟේ ගසනා අත් පළඳනා

නාවික හමුදා මූලස්ථානයේ අද දිනයේද අත් පළඳනා බලෙන් ඇඟේ ගැසීමක් සිදුවන බව අප වෙත වාර්තාවේ.

නාවිකයින් රැඳී සිටින සෑම නිවාසයකම ජ්‍යේෂ්ඨ නාවිකයාට තර්ජනය කරමින් රුපියල් 50 බැගින් වන අත් පළඳනා යුවල් 400 ක් එක් නිවාසයකට ලබාදී තිබෙනවා.

මේවා අනිවාර්යයෙන්ම විකූණා මුදල් කඳවුර වෙත ලබාදිය යුතු වන අතර එතෙක් ඔවුන්ගේ නිවාඩු සහ කෙටි නිවාඩු තහනම් බවයි ඒවා ලබාදී ඇති නිළධාරීන් පවසා ඇත්තේ.


මෙහි ඇති අරුම පුදුම හාස්‍යය නම් නාවිකයින්ට මේවා පැළඳීම තහනම් කර තිබීමයි. 

Monday, November 26, 2012

කොරියානුවන්ගේ ජංගම දුරකථන මාෆියාවට ඔබත් අසුවුනාද ?

මාස කිහිපයක සිට ලංකාව පුරා සැරිසරමින් කොරියානු ජාතිකයන් කණ්ඩායම් කිහිපයක් Samsung S3, Sony Ericsson Xperia සහ තවත් බොහොමයක් ඉහල ඉල්ලුමක් පවතින ජංගම දුරකථන වර්ග විකුණන මුවාවෙන් තත්වයෙන් බාල ජංගම දුරකථන විකුණමින් සිටින බවට අපට වාර්තාවේ.

මෙම දුරකථන පෙනුමෙන් එක සමාන වන අතර දුරකථන පිලිබඳ හොඳ අවබෝදයක් නොමැති ඕනෑම කෙනෙක් මෙවැනි දුරකථන වලට රැවටේ. මෙලෙස විකුණනු ලබන දුරකථන තවත් එක් ව්‍යාජ චීන නිමවුමක් පමණක් වන අතර මාස කිහිපයක් වත් නිසිලෙස භාවිතා කල නොහැකි සේම බලාපොරෝත්තුවූ ක්‍රියාකරිත්වයක්ද නොමැත.



Saturday, November 24, 2012

ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවට යෝජනා


මෙරට ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවට දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට යෝජනා කර තිබේ.

මන්ත‍්‍රිවරයා පෙන්වා දෙන්නේ ශ්‍රි ලංකාවේ සංචාරක ව්‍යාපරය දියුණු කිරීමට මෙය වැදගත් වනු ඇති බවයි.

ගණිකා ව්‍යාපාරය සඳහා මෙරටින් පිරිස් සොයාගත හැකි වන තෙක් විදේශයන්ගෙන් පිරිස් ගෙන්වා ගත හැකි යයිද ඔහු පවසයි. 


තමන් ඇතුළු මන්ත‍්‍රී කණ්ඩායම මෑතකදී දකුණු කොරියාව ඇතුළු රටවල සිදු කළ විදෙස් සංචාරයේ දී මෙවැනි අංශයක වටිනාකම කැපී පෙණුනු බවද මන්ත‍්‍රීවරයා සඳහන් කරයි.

Tuesday, November 20, 2012

විදේශ ණය පොලී කෝටි 3,940 කින් නගී


2012 වසරේ පළමු මාස අටේදී රජයේ විදේශ ණය සඳහා පොලී ගෙවීම 2011 වසරේ පළමු මාස අට ට වඩා රු. කෝටි 3,940 කින් පමණ ඉහළ ගොස්‌ තිබෙන බව වාර්තාවේ.

මෙය රජයේ ණය පොලී වියදම 15% කින් වර්ධනය වීමකි.

විදේශ රටවල් වලින් ලබාගත් ණය සඳහා 2011 වසරේ පළමු මාස අටේදී ගෙවිය යුතු මුදල රු. කෝටි 25,587 ක්‌ විය

Sunday, November 18, 2012

හැටන් වලත් එළවලු ගිනි ගනං




හැටන් හා අවට ප්‍රදේශවල මේ දිනවල එළවළු මිල ඉතා අධික ලෙස ඉහල යාමත් සමඟම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට ප්‍රදේශයේ බෝංචි කිලෝවක මිල රු 220 - 240 ක් දක්වාද, ලීක්ස් කිලෝව රු 140 - 180 දක්වා කැරට් කිලෝව රු 120 -140 දක්වාද ගෝවා කිලෝව රු 130 -140 දක්වාද රාඹු කිලෝවක් රු 100 - 110 දක්වාද වැටකොළු කි‍ලෝවක් රු 160 - 180 , බටු කිලෝවක් 140 -160 දක්වාද මිල ගනන් වලට විකිනෙන අතර කුඩා දෙහි ගෙඩිය රුපියල් 20 ක්ද දෙහි කි‍ලෝව රු 700 සිට 800 දක්වා මිලකට විකිණෙනු ඇත.

Friday, November 16, 2012

ලංකාවේ චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමට සැරසෙන අයුරු

සුප්‍රීම් සැට් සමාගම විසින් චන්ද්‍රිකා 3ක් යැවීමට බලාපොරොත්තු වන අතර එහි පළමු චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට ඇත්තේ තවත් දින 6ක් පමණයි.

එම චන්ද්‍රිකාව ගුවන්ගත කිරීම සඳහා වන රොකට්ටුව අද චීනයේ ෂින්චෑන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානය වෙත ගෙන එනු ලැබුවා.

එම අවස්ථාවේ හා චන්ද්‍රිකාවේ ජායාරූප එකතුවක් පහතින්.




සුප්‍රීම් සැට් සමාගම කක්ෂගත කිරීමට බලාපොරොත්තු වන චන්ද්‍රික තුනේ විස්තර පහත පරිදිය.

බලපත්‍ර වලින් ගෙන්වූ වාහන පැවරීමේ තහනම ඉවත් කරයි

සාමාන්‍ය ජනතාව භාවිතා කරන වාහන වල බදු අහස උසට නැංවීම නිසා පසුගිය කාලයේම ලංකාවට ගෙන්වූයේ බලපත්‍ර සඳහා වන වාහනයි.

දේශපාලකයන් හට ලබා දී ඇති වාහන බලපත්‍ර වලින් පසුගිය සැප්තැම්බර් මාසයේ හම්බන්තොට වරායට ආ නැවක ගොඩ බැස්වු වාහන 525 ක් අතුරින් වාහන 312 ක් තිබුනේ අධි සුඛෝපභෝගි වාහන බව මීට පෙර අප ඔබට හෙළි කර සිටියා.

බෝංචි කරලක මිල රුපියල් 2.25 යි




බණ්ඩාරවෙල බෝංචි කරලක සිල්ලර මිල රුපියල් 2.50ක් පමණ ‍ දක්වා ඉහළ ගොස් තිබේ. බෝංචි කොරටුවට ගොස් ගොවියාගෙන් බෝංචි ලබා ගන්නා තොග මිල් කිලෝ එකක් රුපියල් 190කි. එහි සිල්ලර මිල රුපියල් 225කි. බෝංචි ග්‍රෑම් 100 ට අඩංගු වන්නේ කරල් 9ක් හෝ 10ක පමණී. කිලෝ එකකට කරල් 100ක් වැටෙන්නේ නැති තරම් ය. ඒ අනුව බෝංචි කරලකට ලැබෙන සිල්ලර මිල රුපියල් 2ත් 2.25ත් අතර වේ. මෙම මිල ගණන් කොළඹ දී තවත් ඉහළ නැග ඇත.

Wednesday, November 14, 2012

ජනතාවගෙන් සැඟවුණු බදු අය කෙරෙන ඇස්බැන්දුම් අයවැයක්


- එ.ජා.ප. මහ‍ලේකම් තිස්ස අත්තනායක.

ආණ්ඩුවේ 8 වැනි අයවැය ‍ලේඛනය ඉකුත් සතියේ ප්‍රකාශයට පත්වුණා. එ.ජා.ප. මහ ‍ලේකම්වරයා වශයෙන් කොහොමද ඔබ එය දකින්නේ?


ආණ්ඩුවේ මුල් අයවැයේ සිට මෙවර ප්‍රකාශයට පත්වූ 8වැනි අයවැය ‍ලේඛනය දක්වාම තිබෙන්නේ නිකන්ම නිකන් කතන්දර ගොඩක් විතරයි. හරියටම කියනවා නම් මහජනතාවට සීනි තවරලා දුන්න තිත්ත අබිං ගුලියක් වගේ දෙයක්. ඒ කියන්නේ බොහොම රසවත් වචන ටිකක් තියෙනවා. හැබැයි ඒ වචනවල ඇතුළාන්තය හිස්. ඒ වගේම තමයි මේ අයවැය ‍ලේඛනයේ සමස්තය ගත්තම ජනතාවගේ සියලු අපේක්ෂාවන් බිඳවැටිලා.ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීම සඳහා වූ සහනයක් එහෙමත් නැත්නම් ජනතාවගේ අතමිට සරුකරන ආර්ථික සැලැස්මක්, නිෂ්පාදකයන්ට යම් දිරිගැන්වීමක් නැත්නම් ගොවිකම්කරු ජනතාවට යහපතක් සැලසෙන ක්‍රමවේදයක් වැනි කිසිම දෙයක් මේ අයවැය ‍ලේඛනයේ සඳහන් වෙලා නෑ. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමන්ගේ පසුගිය අයවැය ‍ලේඛන හතෙන්ම ජනතාවට මේ විදියටම නොයෙකුත් මාදිලියේ සැලසුම් ඉදිරිපත් කර තිබුණත් ඒවායේ ප්‍රතිඵල ජනතාවට භුක්තිවිඳීමට හැකියාවක් ලැබි නෑ. ඉතින් ආණ්ඩුව මෙදා සැරේ ඉදිරිපත් කර තිබෙන්නෙත් ඒ සුපුරුදු මාදිලියේම සිහින අයවැයක්.


ඒ කියන්නේ ආණ්ඩුව ලබන වසරේ අයවැය හිඟය පියවීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග ගැන ඔබ තුළ කිසිම විශ්වාසයක් නැති බවද?

බස් ගාස්තු වෙනසකට අර අදී


ලබන වසරේ සිට බස් ගාස්තු ද ඉහළ නැංවීමට සිදුවන බවත් ඉදිරියට රාජ්‍ය බස් සේවාව සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට තිරණය කර ඇති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය 13 කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් ‍කළේය.

Share this article with your friends